රණවිරුවෝ රු. කෝටි 630ක් රජයට ඉතිරි කර දෙති
Posted 7:32 AM by Sri lanka Gossip Alert in Labels: රණවිරුවෝදශක තුනක කාලයක් මෙරට පැවැති යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් අපේ රණවිරුවන් දැන් රට සංවර්ධනය කිරීමේ මෙහෙයුමේ පෙරමුණ ගෙන සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනක් සිය ශ්‍රමයෙන් නිම කැර තිබේ.
උතුරු, නැඟෙනහිර පමණක් නොව රට පුරා කැරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට රණවිරුවන් දුන් දායකත්වය නිසා රජයට ඉතිරි කර ගැනීමට හැකිවූ මුදල රුපියල් කෝටි හයසිය තිහකට ආසන්න බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථාන තොරතුරු අනාවරණය කරයි.
යුද්ධයෙන් විනාශව තිබූ උතුරු, නැඟෙනහිර ප්‍රදේශයේ ගේදොර, මංමාවත්, පාලම් බෝක්කු, මහා මාර්ග, වැව්, ජලාස, ගොවිපළ, නගර, රජයේ ගොඩනැඟිලි ඇතුළු සියලු ස්ථාන අලුත්වැඩියා කර නැවත සකස් කිරීම සම්පූර්ණයෙන්ම හමුදාව අතින් ඉටුවී තිබේ.
මේ වැඩපිළිවෙළ යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ බැරැක්කවලට සිර නොකර ඔවුන්ගේ ශ්‍රමයෙන් රටේ සංවර්ධන කටයුතු කිරීමේ සංකල්පය යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලදී.
මේ යටතේ යුද හමුදාවේ සියලු ආරක්ෂක බළසේනාංකවලට වෙනමම ව්‍යාපෘති බාරදී ඇත. ඒ අනුව ව්‍යාපෘති දහසකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වී තිබේ. යුද්ධයෙන් විනාශවූ ප්‍රදේශවල ත්රස්තවාදීන් අතුරා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් බාර වී තිබුණේ යුද හමුදාවටයි. ඒ අනුව ඉතා කෙටි කාලයකදී ඉංජිනේරු බළකායේ මූලිකත්වයෙන් දසදහස් ගණනක් බිම් බෝම්බ ඉවත් කැරිණි.
බිම් බෝම්බ ඉවත් කිරීම අන්තර්ජාතික සමාගම්වලට බාර දුන්නේ නම් රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට සිදුවෙයි. එහෙත් අපේ රණවිරුවන්ගේ දෑතින් එම ව්‍යාපෘතිය සාර්ථකව සිදුවීමෙන් මෙරටට ඉතිරි වූ මුදල රුපියල් කෝටි විසිහතර ඉක්මවයි.
කිළිනොච්චි මහා මාර්ගය, ඒ 9 මාර්ගය, කොකාවිල් රූපවාහිනී කුලුන, උතුරේ දුම්රිය මාර්ග, යාපනේ, ඔඩ්ඩුසුඩාන් මාර්ග, කනකරායකුලම් පාලම, කුමනමුලේ, මුලතිව්, නයාරු, කල්කුඩා, පනිච්චන්කේන්, පෙරියමඩු, ධර්මපුරම් පාලම් උතුරේ ප්‍රධාන ව්‍යාපෘති අතර වෙති.
යාපනය රෝහල, කෝපායි රෝහල ඇතුළු රෝහල් ගණනාවක අලුත්වැඩියා කටයුතු සිදුවූයේද ත්‍රිවිධ හමුදාවෙනි. උතුරේ පාසල් විශාල ප්‍රමාණයක් යුද්ධයෙන් විනාශවී තිබුණ අතර ඒ සෑම පාසලක්ම අලුත්වැඩියා කැර තිබේ.
උතුරු, නැඟෙනහිර පළාත්වල විදුලිය සැපයීම නව නිවාස ඉදිකිරීම, පෙර පාසල් ඇතුළු දෑ සකස් කිරීම ද හමුදාවෙන් සිදුවිය. උතුරු, නැඟෙනහිර පළාත්වල අලුත්වැඩියා කර සකස් කැරුණු කෝවිල් ප්‍රමාණය 18කි.
යුද්ධය නිසා විනාශවී බිම පෙරළා දමා තිබූ විශාල වතුර ටැංකි ගණනාවක් අලුත්වැඩියා කළ රණවිරුවෝ අරාලිතුඩුව දක්වා වූ ප්‍රදේශයේ තල් බීජ තිස්පන්දහසක් අලුතෙන් සිටුවා ඇත.
උතුරු, නැඟෙනහිර සිවිල් ජනතාවට ස්වයං රැකියා කර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය රණවිරුවන් අතින් ලැබී තිබේ. උතුරු, නැඟෙනහිර එවැනි ශීඝ්‍ර සංවර්ධනයකට සහාය වූ රණවිරුවන් දකුණේ සිදුවූ දැවැන්ත ව්‍යාපෘති රැසක් ද ඉදිකිරීමට මූලිකවී ඇත.
ඒ අතරින් දියගම ක්‍රීඩා භූමි ප්‍රදේශය, සූරියවැව, විල්පත්තු, පල්ලේකැලේ ආදී ප්‍රදේශවල ව්‍යාපෘති රැසකටද රණවිරුවන් දායකවී ඇත. පුරන්වී තිබූ කුඹුරු හා ඉඩම් අක්කර පහළොස්දහසක් පමණ වගා කරනු ලැබුවේද මන්නාරම සහල් නැළිය දැවැන්ත කුඹුරු යාය යළි නගාසිටුවීමට සහාය වූවෝද රණවිරුවෝය.
ඒ අතර කොළඹ නගරයේ ගොඩනැගිලි අලුත්වැඩියා කරමින් නවීකරණය කිරීම හා කොළඹ හා ඒ අවට භූමිය අලංකාරය වූයේද රණවිරු දෑතිනි.
විජයානි එදිරිසිංහ (dinamina newspaper)
0 comments:
Post a Comment