ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙල හැදෑරීම සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වැළැක්වීමට අදාල චක්‍රලේඛය මේ වසරේදී ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට ජාතික පාසල්වලට ඇතුලත්වීම සඳහා ඉල්ලූම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලූම් කර ඇති ජාතික පාසලට ඇතුලත් වීමේ හිමිකම ලබාදීමට තීරණය වී ඇත.
කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර හිදිසියේ ක්‍රියාවට නැංවූ මෙම චක්‍රලේඛය හේතුවෙන් ප්‍රධාන පෙලේ ජාතික පාසල්වලට ඇතුලත් වීමට ඉල්ලූම්කර සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුහු මෙය වෙනස්කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ප්‍රථම වරට බංග්ලාදේශ ක්‍රිකට් ලීග් තරඟාවලියට සහභාගීවීමට අවස්ථාව උදා වී ඇත. මේ අනුව විදෙස් රටක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබූ ප්‍රථම ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙස මොවුන් තරඟාවලියට එක්වෙති.
මේ අනුව සඳමාලී දොළවත්ත සහ ශ්‍රීපාලී වීරක්කොඩි යන ක්‍රීඩිකාවන් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා අද දිනයේ බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.
තරඟාවලිය මේ මස 31 වැනි දින දක්වා පැවැත්වේ.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අදාළව පැන නැගී ඇති සුළු ගැටලු නිරාකරණය කර ගනිමින්, මෙම සතිය තුළදී ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැකිවෙනු ඇතැයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විශ්වාසය පල කරයි.
තමා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද උදෑසන අරගලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවේදී, ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පවතින සුළු සුළු ගැටළු කතා බහ කල බවත්, එහිදී බොහෝ ගැටලු නිරාකරණය කරගත බවත් අලස් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ, සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි. නිදහස් කළ පසු දේශපාලනය නොකිරීමද ඊට අයත් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල හමුවේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුව පසුගිය අයවැයේදී පොරොන්දු වූ පරිදි වැටුප් විශමතා ඉවත් නොකිරීමට එරෙහිව විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (15) උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
‘මුදල් ඇමැති ජනාධිපති අයවැයේදී රටට කිව්වේ, සරසවියේ අපේ වැටුපේ විෂමතාව විසඳෙන බව, එහෙත් කලේ මහලොකුවට ප්‍රෝඩාවකි, රට රවටන ප්‍රෝඩාවකි, අප රවටන දිනුම අපේ සැබෑ කරන් මිස යන්නෑ මෙදා පාර’ යන සටන් පාඨ කියමින් විරෝධතා කරුවෝතම විරෝධය ප්‍රකාශ කළහ.
දැන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බල්ළො මරලා සල්ලි හොයන්න අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (14) කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
දැන් අවශ්‍යව ඇත්තේ ආදායම් වැඩිකරගෙන වියදම් අඩුකර ගැනීමේ වැඩ පිළිවෙලක් පමණක් යැයිද ඔහු අවධාරණය කළේය.
එස්.එල්.පී.එල්. තරගාවලිය අයි.සී.සී. නීතිරීතිවලට අනුව තහනම් උත්තේජනවලින් ඈත්ව හා දූෂණයෙන් තොරව පවත්වන බවට ද ඔහු මෙහිදී ප්‍රතිඥාවක් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා ප්රමුඛ ලීග් පන්දුවාර විස්සයි – 20 කි‍්‍රකට් තරගාවලිය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවෙන් නීතිපති උපදෙස් ලබා මතභේදයකට තුඩුදුන් කරුණු ඉවතලා පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙහිදී හෙළි කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වඩාත් වාසිදායක වන අන්දමින් සමර්සෙට් ආයතනය සමඟ පැවති ගිවිසුම සංශෝධනය කළ බවද ඔහු කීය.
සමර්සෙට් ආයතනයට තරගාවලියේ අයිතිය වසර 25කට හිමිවී තිබුණ ද එය වසර 15 දක්වා අඩු කිරීම ඇතුළු වාසිදායක කරුණු ගණනාවකට එළඹීම මේ තරගාවලියේ සාර්ථකත්වයට හේතු වන බවද ඒ මහතා පැවැසීය.
මෙමගින් වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අතර එය සෑම වසරකදීම 10%කින් වැඩිවීමේ එකඟතාවක් ද සමර්සෙට් සමග ඇතැයිද ඔහු හෙළි කළේය.
මීට අමතරව පළාත් කණ්ඩායම් විකිණීමෙන් ලැබෙන මුදලින් හරි අඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.
තරග 24කින් සමන්විත එස්.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස හා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.