ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සල්ලි හොයන්න දැන් බල්ලො මරන් නෑ

Posted 8:38 AM by Sri lanka Gossip Alert in Labels:


දැන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බල්ළො මරලා සල්ලි හොයන්න අවශ්‍ය නැතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා කියයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (14) කොළඹ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

දැන් අවශ්‍යව ඇත්තේ ආදායම් වැඩිකරගෙන වියදම් අඩුකර ගැනීමේ වැඩ පිළිවෙලක් පමණක් යැයිද ඔහු අවධාරණය කළේය.

එස්.එල්.පී.එල්. තරගාවලිය අයි.සී.සී. නීතිරීතිවලට අනුව තහනම් උත්තේජනවලින් ඈත්ව හා දූෂණයෙන් තොරව පවත්වන බවට ද ඔහු මෙහිදී ප‍්‍රතිඥාවක් ලබාදුන්නේය.

ශ‍්‍රී ලංකා ප‍්‍රමුඛ ලීග් පන්දුවාර විස්සයි – 20 කි‍්‍රකට් තරගාවලිය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවෙන් නීතිපති උපදෙස් ලබා මතභේදයකට තුඩුදුන් කරුණු ඉවතලා පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙහිදී හෙළි කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට වඩාත් වාසිදායක වන අන්දමින් සමර්සෙට් ආයතනය සමඟ පැවති ගිවිසුම සංශෝධනය කළ බවද ඔහු කීය.

සමර්සෙට් ආයතනයට තරගාවලියේ අයිතිය වසර 25කට හිමිවී තිබුණ ද එය වසර 15 දක්වා අඩු කිරීම ඇතුළු වාසිදායක කරුණු ගණනාවකට එළඹීම මේ තරගාවලියේ සාර්ථකත්වයට හේතු වන බවද ඒ මහතා පැවැසීය.

මෙමගින් වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක ආදායමක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබෙන අතර එය සෑම වසරකදීම 10%කින් වැඩිවීමේ එකඟතාවක් ද සමර්සෙට් සමග ඇතැයිද ඔහු හෙළි කළේය.

මීට අමතරව පළාත් කණ්ඩායම් විකිණීමෙන් ලැබෙන මුදලින් හරි අඩක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.

තරග 24කින් සමන්විත එස්.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස හා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.



0 comment(s) to... “ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සල්ලි හොයන්න දැන් බල්ලො මරන් නෑ”

0 comments: