දෙපස තුරු අතු විහිදුනු, හරිත පැහැ, සිසිලැති මෙම මාවත නිසැකයෙන්ම ආදරණීය හා සාමකාමී හැගුම් පුබුදුකරවන ස්ථානයෙකි.

යුක්රේනයේ ‘ටනල් ඔෆ් ලව්’ (පේ‍්‍රමයේ බිංගෙය) ලෙස හැඳින්වෙන් මෙම ස්ථානය එරට පෙම්වතුන්ගෙ පාරාදීසයකි.

කෙසේ වෙතත්, මෙහි නිසල බව තාවකාලිකය. ඒ, මෙය පෞද්ගලික දුම්රිය මාර්ගයකට අයත් කි.මී. 03ක කොටසක් වන බැවිනි.

නැගෙනහිර යුක්රේනයේ ක්ලේවන් ප‍්‍රදේශයේ පිහිටි ෆයිබර්බෝඩ් කම්හලකට දර ගෙනයන දුම්රිය මෙම මාර්ගය ඔස්සේ දිනකට තෙවරක් ගමන් කරයි.

කෙසේ වෙතත්, යකඩ යකා නොමැති වේලාවට මෙහි ගමන්ගන්නේ පෙම්වතුන්ය.

පෙම්වතුන් යුවළක් විසින් මෙහි පැමිණ ප‍්‍රාර්ථනාවක් කළහොත්, එය සත්‍ය පේ‍්‍රමයක් නම් එම ප‍්‍රාර්ථනාව ඉටුවන බව යුක්රේන ජාතිකයන් විශ්වාස කරන්නේ යැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.








Sri lanka Gossip Alert

බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් ගේ හැසිරීමේ ප්‍රශ්නකාරී එකක් බවට පත්වී තිබෙන බව අප කීපවිටක්ම පවසා ඇත්තෙමු.

මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.

අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.


බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් වනාහි මහාපරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව පුරුදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් බව මීට පෙර අප පවසා ඇත්තෙමු

ෆෙන්ග් ෂුයි උපදේශන සේවා ලබාදෙන ඇයගේ මධ්‍යස්ථානයද පිහිටා තිබෙන්නේ ලිබර්ටි ප්ලාසාහිය. එයට අමතරව ඇය "නිර්මාණ ඉංජිනේරු උපදේශන සේවාව" පවත්වාගෙන යයි. කැෂියන් හේරත් සහ තිලංගනී හේරත් ගේ පුතු දුලිත් හේරත් කප්රුක වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

2008-2009 වසර වලදී ලංකාව තුල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය. කකුල් තුනේ ගෙම්බන්, ගෝනුස්සන් ඉබ්බන්, අශ්ව ලාඩම්, ලාෆින් ගෝඩ් හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.

අමාත්‍ය මර්වින් සිල්වාද කැෂියන් හේරත්ගේ බිරිඳ වන තිලංගනී හේරත් මහත්මිය විසින් ලංකාවට බෝ කළ චීන ෆෙන්ෂුයි පිළිමවන්දනාවට ඇබැහිවී ඇති අයෙක් බව ඊයේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

එම පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙන බව මර්වින් සිල්වා විසින් ඊයේ ඊයේ පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා දෙසට හැරෙමින් පැවසුවේ

"මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි." යනුවෙනි.

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බෙල්ලන්තර සිරි සදහම් ආරාමයේද මෙවන් චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම දක්නට ලැබෙනවා. පහත ජායාරූපයේ දැක්වෙන්නේ එහි දක්නට ලැබෙන පිළිමයකි






මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.

එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.

නමුන් ඊයේ දිනයේදී එම ඇලට වැටුන අලියාව ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකිවුනේ නැහැ. ස්ථාන කීපයකින් ම අලියාව ගොඩට ගැනීමට උත්සාහ කළත් අසාර්ථක වීම නිසා කිලෝමීටර් 25ක් ඇල දිගේ ගසාගන ගිය අලියා වේල්ලකින් පහතට පෙරලී මියගියා.

Sri lanka Gossip Alert



බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේදී අන්ධභාවයට පත් පුද්ගලයින්ට පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම විශේෂ විද්‍යුත් උපකරණය සවිකිරීම මගින් පෙනිම ලබාදිමේ පරීක්ෂණය මෙහෙය වනු ලැබුයේ මහාචාර්ය මැක් ලැරෙන් සහ ටිම් ජැක්සන් විසිනි.

ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේ සායන සදහා සහභාගි වු ක‍්‍රිස් ජේම්ස් සහ රොබින් මිලර් යන දෙදෙනා මෙම පරීක්ෂණය සදහා යොදාගෙන ඇති අතර ඔවුන් පූර්ණ අන්ධභාවයේ පසු වු පුද්ගලයින් වේ.

ඇසෙහි ඇති දෘෂ්ටිවිතානය නම් කොටසෙහි ඡුායාරූප සංවේදී ෙසෙල අක‍්‍රියවීම මොවුන් අන්ධභාවයට පත්විමට හේතුවි ඇත.

අදාළ පුද්ගලයින්ගේ දෘෂ්ටිවිතානය ආශ‍්‍රිතව ආලෝක සංවේදි පික්සෙල් 1,500ක ධාරිතාවක් සහිත ඉලෙක්ට්‍රොනික චිපයක් බද්ධ කර ඇති අතර ඇසට ආලෝකය ඇතුළු වූ විට උද්ධීපනය වන එම පික්සෙල දෘෂ්ටි ස්නායුවට විද්‍යුත් සංඥාවක් ලබා දි එය ස්නායු පද්ධතිය හරහා මොළය වෙත යැවීමෙන් පෙනීම ලැබෙයි.

මෙහිදී ප‍්‍රතිස්ථාපනය වනුයේ, මූලික වශයෙන් කළු සදු දෘෂ්ටියක් පමණි.

සැත්කමින් අනතුරුව තමන්ට ඉතා සමීපයේ පවතින රේඛා සහ නැමි හඳුනාගත හැකි වූ බව ක‍්‍රිස් ජේම්ස් පවසන අතර රොබින් මිලර් පවසන්නේ තමන් වසර 25කට පසුව යළිත් වරණවත් සිහින දකින බවයි.

කෙසේ වෙතත් තවමත් දුරින් පිහිටි වස්තූන් නිරීක්ෂණය දුෂ්කර බව ද ඔවුහු පවසති.

මෙහිදී ප‍්‍රථම සැත්කම සිදු කරන ලද මහාචාර්ය මැක් ලැරෙන් පවසන්නේ, පූර්ණ අන්ධභාවයේ පසුවු පුද්ගලයකුට බි‍්‍රතාන්‍යයේදී කිසියම් පෙනීමක් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.


ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජයනාත් පීරිස්ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය වන්නේ සෑම ඉරිදාවකම රාත‍්‍රී 9.00 ට ස්වර්ණාවාහිනිය ඔස්සේ විකාශනය වන ‘පියවි’ ටෙලි නිර්මාණයයි.

බොක්සිං ක‍්‍රීඩාවට ආදරය කරන විශාල් නම් තරුණයෙකු වටා ගෙතුනු අපූර්ව කතන්දරයක් පියවි’ තුළින් කියවේ.

කාලෙකින් නැවතත් පුංචි තිරයට එක්වන උමයංගනා පියවි’ තුළ දකින්නේ ඉන්දිරා ලෙසිනි.

තවද නිවේදිකාවක් ලෙස මෙන්ම රංගන ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් ද වූ රේණුකා බාලසූරිය දීර්ඝ කාලෙකට පසු මීට රංගනයෙන් එක්වේ.

දිනක්ෂි ප‍්‍රියසාද්, එරංග ජීවන්ත, යුරේනි නොෂිකා, කාවිංග පෙරේරා යන යොවුන් නළු නිළියන් මෙන්ම රෙබෙකා නිර්මලී, කුසුම් පෙරේරා, ෆර්නි රෝෂිනී, කමල් දේශප‍්‍රිය, චින්තක වාස්, භාග්‍යා ගුරුසිංහ, ඉනෝකා පෙරේරා, ප‍්‍රභාත් පතිරණ යන අයද මීට රංගනයෙන් දායක වේ.

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණයෙන් චන්දන ජයසිංහ, සංස්කරණයෙන් ලක් රුවන් ද සේරම් සහාය අධ්‍යක්ෂණයෙන් ඩබ්ලිව්. රවීන්ද්‍ර, අංග රචනයෙන් සංජීව දැරණියගල, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත හා ටෙරස් ඞී. සිල්වා, නිෂ්පාදන කළමනාකරණයෙන් දිලීප සමරසේකර, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ප‍්‍රභාත් පතිරණ මීට එක්වී ඇත.

සංගීතය රවිහාන් වැටකේපතගෙන් ද ගායනය කසුන් කල්හාරගෙන් වන අතර පියවි’ විනිල් මැණික්. නිෂ්පාදනයකි.

චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය.

බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද ඊට සහභාගි විය.

ඔහු දෙසට හැරුණු ඇමැති මෙසේ කීවේය. ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි.

කාංචන කුමාර ආරියදාස lankadeepa

සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ ‍"සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) ‍"මලී" (දෙරණ) සහ ‍"භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟපාන චරිත නිසායග මේ නිසාම තාරුණ්‍යයේ නළුවන් අතර සිටින අද වඩාත් කතා බහට ලක්වෙන චරිතයක් ලෙස සංකේත් නම් කරන්න පුළුවනි. ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත්ගේ අයියා ජනිත් වික්‍රමගේ බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ පවුලේ හැඩකාරයා වන සංකේත් සමග අපි කතා බහට එක්වෙමු.

සංකේත් අද දවස කොහොමද?

අවුරුදු දවස්වල පවුලේ අය එක්ක සෑහෙන කාලයකට පසුව එකට ඉන්න ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. අපි හතර දෙනාම කාර්යබහුලයි. වෙලාවකට හිතෙන්නේ හැමදාම අවුරැදු එනවා නම් හොඳයි කියලයිග අපි ගෙදර ඉන්න මොහොතේ අම්මා අපට කෑම හදලා දෙනවා. අම්මගෙ ලොකුම සතුට තාත්තටයි අයියටයි මටයි ඉතා රසට කෑම හදලා දෙන එකයි.

හතරදෙනාම රඟපෑම් කිරීම ගැන හිතන්නේ කොහොමද?

හොඳ දෙයක්. පවුලම එකම කාර්යයක නිරතවීම. එක අතකට භාග්‍යයක්. ඒත් එක්තරා අවස්ථාවක අයියටයි - මටයි චෝදනාවක් තිබුණා අම්මා - තාත්තා නිසා අපි කලාවට ආවා කියන එක. ඒක ඇත්තටම වාසනාවක්. ඒත් වාසනාව විතරක් මදි. දක්ෂතාවයක් තිබෙන්න ඕනෑ.

දෙමාපියන්ට අවශ්‍ය වුණේ නැද්ද ඔය දෙන්නා වෙනත් ක්ෂේත්‍රයකට යොමු කරවන්න?

අපට කවදාවක් බල කළේ නැහැ. නිතරම ක්ෂේත්‍රයේ හොඳ නරක කියා දුන්නා. ඒ අතරේ අපට කැමති මාර්ගය සොයා යන්න ඉඩ දුන්නා.

ඔය හතර දෙනාගෙන් රඟපෑම සඳහා වැඩිපුරම අය කරන්නෙ කවුද?

කතා දෙකක් නැහැ. ඒ තාත්තා. එයාගෙ දක්ෂතාවයට තවම අපට කිට්ටු කරන්නවත් බැහැ. මම අපේ තාත්තා නිසා කියනවා නෙවෙයි. අපේ තාත්තාට තරම් විවිධ චරිත රඟපෑමේ දක්ෂතාවය ඇති කෙනෙක් මම අපේ කාලයේදී දැකලා නැහැ. තාත්තගෙ ඒ දක්ෂතාවයට මම ඉහළින්ම ගරු කරනවා.

කවුද වැඩිපුර ආඩම්බර?

අපි කවුරුත් ආඩම්බර නැහැ. අම්මයි - තාත්තයි සමාජයට බෙහෙවින් ගරු කරන අයග අපි යටහත් - පහත්ව ඉන්න ඕනෑ කියන දේ නිතර අපට කියා දුන්නාග ඒ දෙන්නා නොසැලී මහා පර්වත මෙන් මේ දක්වා කටයුතු කරන්නෙ. ඒ සමාජ ගරුත්වය නිසයි. එය නිරන්තරයෙන්ම අපට ආ දෙයක්.

ඇත්ත කියන්න ගැහැනු ළමුන්ගේ වැඩිපුර ආකර්ෂණය ඔයාටද? අයියටද?

අයියට වෙන්න ඇති.

ඔය ඇත්තද කියන්නේ?

මම හිතන්නේ ප්‍රේක්ෂකයින් අපේ පවුලේ වැඩිපුරම ආදරේ අපේ තාත්තටයි.

ඔබට සිංදු කියන්නත් පුළුවන් නේද?

බැරිකමක් නැහැ.

අයියා සහ ඔබට මොනවද අත්හරින්න බැරි පුරුදු?

අපේ අයියා සල්මන් ඛාන්ට බොහෝම ප්‍රියයි. ඔහුට විරුද්ධව අපි කතා කළොත් එහෙම ඔහු වහාම පෙනී සිටිනවා.

ඔන්න ඔය පුරුද්ද අත් හැරියොත් හොඳයි කියලා තමයි මගෙ හිත කියන්නේ. (හිනා)

රඟපෑමේදී පෙම්වතියගේ චරිතය සඳහා අයියට වඩාත් ගැළපෙන චරිතය ලෙස ඔබ තෝරන්නේ?

බොහෝ අය සුදුසුයිග ඒ අතරින් නෙහාරා වඩාත් ගැළපෙන බව මගේ හැඟීමයි.

තාත්තගෙ නරකම පුරැද්ද මොකක්ද?

ඇත්තටම අපේ තාත්තාගෙ නරක පුරුද්දක් නැහැ. හරිම හොඳ කෙනෙක්. මොනතරම් කාර්යබහුල වුණත්, තාත්තා නින්දට යන්න පෙර මොනවා හරි කියලා අපව සතුටු කරවනවා.

ඔබ කවුද? මොනවගේද කියලා කිව්වොත්?

වැඩක් හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්. අවබෝධයෙන් වැඩ කරමින් ගෞරවය රුකගන්න කැමති කෙනෙක්.

කවුද ඔබගේ මිතුරිය (රඟපෑමේදී)

මේ දිනවල රඟපෑමේදී ශලනිල සමාධි අරුණිඡායා සහ කාංචනා අක්කා විශේෂිත සහයෝගයක් දක්වනවා.

මේ තුන්දෙනාගෙන් පෙම්වතිය ලෙස යෝජනාවක් ආවොත්ල ඔබ කවුදු භාරගන්නේ?

අම්මේ...... මම තවම නිදහස් කුරුල්ලෙක්.

රඟපෑමේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ කවුරුත් ඉතා හොඳ යෙහෙළියන්.

ඔබගේ හිතේ ඇඳුණු රුව මොන වගේද?

ගොඩක් සරල ආඩම්බර නැති, ලංකාවේ ගතියට ගැළපෙන විදියට ජීවත්වන කෙනෙකුට තමයි කැමති. එයාගෙ වත් පොහොසත්කම් මම අගයන්නෙ නැහැ.

ඉදිරි ජීවිතය ගැන හිතන්නේ කොහොමද?

විවිධාංග චරිත රඟපාන ශිල්පියකු ලෙස කටයුතු කරන්න ආසයි. සල්ලිකාර පවුලක චරිතයකට වඩා ගැමි දුප්පත් ස්වරුපය රුගත් චරිත රඟපාන්න කැමතියි.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ












බහරේන් හි අම්බතූර් ක්ලෝතීන් ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලාංකිකයෝ අට සියයකට ආසන්න පිරිසක් තොරණ හා වෙසක් සැරැසිලි ඉදිකැර ධර්ම දේශනා සංවිධානය කැර වෙසක් සැමරූහ. පාලනාධිකාරියේ සියලුම විදේශිකයෝ මේ උත්සවයට සහාය දැක්වූහ.ඔවුන්ගේ නේවාසිකාගාර පරිශ්‍ර යේ දී රණස්ගල්ලේ ඤණවීර හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වූහ


සුදේශ් කරුණාතිලක lankadeepa

වස්ගමුව කුමාර ඇල්ල රක්ෂිතයේ හොරෙන් මැණික් ගරන්නට ගිය බව කියන පිරිසක් සහ වනජීවී නිලධරයන් අතර වෙඩි හුවමාරුවකින් මැණික් ගරන්නකු සහ වනජීවී නිලධරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

වෙඩි හඬක් ඇසුණු බව ගැමියෝද කියති

(lankadeepa news කාංචන කුමාර ආරියදාස)







































බණ්ඩාරවෙල ඇල්ල කිනලන් වත්තේ විද්‍යාලයේ දී කාන්තාවක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයන්ට ලක් වූ එම විද්‍යාලයේ 1 වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා රාත්‍රියේ මිය ගොස් තිබේ.මරණයට පත් වී ඇත්තේ එම වත්තේම පදිංචිව සිටි එස්. මනෝජ් නැමැති ශිෂ්‍යයෙකි.සිකුරාදා උදේ 7.00 ට පමණ පාසලට ඇතුළු වූ කාන්තාවක් සිසුන් පිටුපස එළවාගෙන ගොස් ඇති අතර ගලකින් හිසට ගසා මෙම ළමයා බිම වැටුණු පසු තවත් ගල්වලින් හිසට හා මුහුණට පහරදී ඇති බවත් ඇය සමග පැමිණි සුනඛයෙකු ද මෙම ළමයා හපා කා ඇති බවත් ‍පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මුහුණට හා හිසට බරපතළ තුවාල ලබා ‍ලේ ගලමින් සිටි මෙම සිසුවා වත්තේ කම්කරුවෙකු විසින් ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු බදුල්ල මහ රෝහලට එවා තිබිණ.
සැකකාර කාන්තාව ඇල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පහරදීමට හේතුවූ කරුණු පිළිබඳව නිශ්චිත හේතුවක් මතෛක් අනාවරණය වී නැත.මතෛක් සිදුකරන ලද ‍පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති පරිදි ළමයාට ගල්වලින් පහර දී ඇත්තේ අසල්වැසි ලැයිමක වාසය කරන 23 හැවිරිදි කාන්තාවක විසිනි. ඇය මේ ළමයාගේ මව සමග අමනාපයෙන් පසුවී ඇත. මියගිය ළමයා මව සමග ජීවත් වී ඇති අතර ඔහුගේ පියා පවුලෙන් වෙන්වී ගොස් ඇත්තේ ළමයා කුඩා අවදියේදීය.
සිද්ධිය වූ දින සැකකාර කාන්තාව උදේ 6.30 ට පමණ පාසලට ගොස් මනෝජ් කවුදැයි අනික් ළමුන්ගෙන් විමසා ඇත. පසුව ඔහු සොයාගෙන ඔහුට ගල්වලින් දමා ගසා තිබේ. එවිට මනෝජ් දුවන්නට වී ඇති අතර ඇය එවිට තමා සමග පැමිණි බල්ලා උසි ගන්වා ඇත. බල්ලා දුවගොස් ළමයා බිම පෙරළා ගෙන සපා කන විට එම කාන්තාව යළිත් ගලකින් ළමයාගේ හිසට පහර දී තිබේ.
පසුව අසල්වාසීන් ළමයා රෝහල්ගතකොට ඇත. මෙම ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නැත.
බණ්ඩාරවෙල ‍පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර හා සහකාර ‍පොලිස් අධිකාරි වයි. පී. ආර්. එම්. රිපාඩ් යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිහාල් ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Piyumi Botheju in trouble

පියුමිගේ සාරි ජරමරේ.

ජනපි‍්‍රය ටෙලි නිළි පියුමි බොතේජු සාරි හිගයකට ලක්ව සිටින බව ‘ශී‍්‍ර ලංකා මිර්ර්’ වෙත වාර්තා වේ.

සති අන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක වෙසක් සිතියේ මුල්පිටුව සැරසීමට පියුමිට ආරාධනා ලැබී තිබේ.

ඒ සඳහා ඡායාරූප ලබාගැනීමට දින නියම කරගත් දිනයේදී පියුමි සාරියකින් සැරසී අදාළ දර්ශන තලයට පැමිණ ඇත.

කෙසේවුවද පියුමි වෙසක් දින කවරයකට පෙනී සිටීමට ඇඳගෙන විත් ඇත්තේ මගුල් ගෙදරක යාමට උචිත සාරියක් බව පැවසේ.

පසුව ඡායාරූප ශිල්පියා විසින් පියුමිට සාරිය මාරු කළොත් හොඳ බව පවසා ඇත.

පියුමි ඔහුට පිළිතුරු ලෙස දී ඇත්තේ තමාට ඇත්තේ එක සාරියක් බවත්, එම සාරියෙන් තමාගේ ඡායාරූප ලබා ගන්නේ නම් ගන්නා ලෙසයි.

කෙසේවුවද පසුව චන්දික නානායක්කර සමග පෙනී සිටි මෙම ඡායාරූපයට පියුමිට හරහට සිටින ලෙස දන්වා පියුමිගේ සාරි මෝස්තරය කෙළින්ම ඡායාරූපයට නොවැටෙන සේ ඡායාරූප ගෙන අදාළ කවරය සකස් කරගෙන ඇති බවද පැවසේ.