සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා

Posted 7:50 PM by Sri lanka Gossip Alert in Labels:

සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ ‍"සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) ‍"මලී" (දෙරණ) සහ ‍"භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟපාන චරිත නිසායග මේ නිසාම තාරුණ්‍යයේ නළුවන් අතර සිටින අද වඩාත් කතා බහට ලක්වෙන චරිතයක් ලෙස සංකේත් නම් කරන්න පුළුවනි. ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත්ගේ අයියා ජනිත් වික්‍රමගේ බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ පවුලේ හැඩකාරයා වන සංකේත් සමග අපි කතා බහට එක්වෙමු.

සංකේත් අද දවස කොහොමද?

අවුරුදු දවස්වල පවුලේ අය එක්ක සෑහෙන කාලයකට පසුව එකට ඉන්න ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. අපි හතර දෙනාම කාර්යබහුලයි. වෙලාවකට හිතෙන්නේ හැමදාම අවුරැදු එනවා නම් හොඳයි කියලයිග අපි ගෙදර ඉන්න මොහොතේ අම්මා අපට කෑම හදලා දෙනවා. අම්මගෙ ලොකුම සතුට තාත්තටයි අයියටයි මටයි ඉතා රසට කෑම හදලා දෙන එකයි.

හතරදෙනාම රඟපෑම් කිරීම ගැන හිතන්නේ කොහොමද?

හොඳ දෙයක්. පවුලම එකම කාර්යයක නිරතවීම. එක අතකට භාග්‍යයක්. ඒත් එක්තරා අවස්ථාවක අයියටයි - මටයි චෝදනාවක් තිබුණා අම්මා - තාත්තා නිසා අපි කලාවට ආවා කියන එක. ඒක ඇත්තටම වාසනාවක්. ඒත් වාසනාව විතරක් මදි. දක්ෂතාවයක් තිබෙන්න ඕනෑ.

දෙමාපියන්ට අවශ්‍ය වුණේ නැද්ද ඔය දෙන්නා වෙනත් ක්ෂේත්‍රයකට යොමු කරවන්න?

අපට කවදාවක් බල කළේ නැහැ. නිතරම ක්ෂේත්‍රයේ හොඳ නරක කියා දුන්නා. ඒ අතරේ අපට කැමති මාර්ගය සොයා යන්න ඉඩ දුන්නා.

ඔය හතර දෙනාගෙන් රඟපෑම සඳහා වැඩිපුරම අය කරන්නෙ කවුද?

කතා දෙකක් නැහැ. ඒ තාත්තා. එයාගෙ දක්ෂතාවයට තවම අපට කිට්ටු කරන්නවත් බැහැ. මම අපේ තාත්තා නිසා කියනවා නෙවෙයි. අපේ තාත්තාට තරම් විවිධ චරිත රඟපෑමේ දක්ෂතාවය ඇති කෙනෙක් මම අපේ කාලයේදී දැකලා නැහැ. තාත්තගෙ ඒ දක්ෂතාවයට මම ඉහළින්ම ගරු කරනවා.

කවුද වැඩිපුර ආඩම්බර?

අපි කවුරුත් ආඩම්බර නැහැ. අම්මයි - තාත්තයි සමාජයට බෙහෙවින් ගරු කරන අයග අපි යටහත් - පහත්ව ඉන්න ඕනෑ කියන දේ නිතර අපට කියා දුන්නාග ඒ දෙන්නා නොසැලී මහා පර්වත මෙන් මේ දක්වා කටයුතු කරන්නෙ. ඒ සමාජ ගරුත්වය නිසයි. එය නිරන්තරයෙන්ම අපට ආ දෙයක්.

ඇත්ත කියන්න ගැහැනු ළමුන්ගේ වැඩිපුර ආකර්ෂණය ඔයාටද? අයියටද?

අයියට වෙන්න ඇති.

ඔය ඇත්තද කියන්නේ?

මම හිතන්නේ ප්‍රේක්ෂකයින් අපේ පවුලේ වැඩිපුරම ආදරේ අපේ තාත්තටයි.

ඔබට සිංදු කියන්නත් පුළුවන් නේද?

බැරිකමක් නැහැ.

අයියා සහ ඔබට මොනවද අත්හරින්න බැරි පුරුදු?

අපේ අයියා සල්මන් ඛාන්ට බොහෝම ප්‍රියයි. ඔහුට විරුද්ධව අපි කතා කළොත් එහෙම ඔහු වහාම පෙනී සිටිනවා.

ඔන්න ඔය පුරුද්ද අත් හැරියොත් හොඳයි කියලා තමයි මගෙ හිත කියන්නේ. (හිනා)

රඟපෑමේදී පෙම්වතියගේ චරිතය සඳහා අයියට වඩාත් ගැළපෙන චරිතය ලෙස ඔබ තෝරන්නේ?

බොහෝ අය සුදුසුයිග ඒ අතරින් නෙහාරා වඩාත් ගැළපෙන බව මගේ හැඟීමයි.

තාත්තගෙ නරකම පුරැද්ද මොකක්ද?

ඇත්තටම අපේ තාත්තාගෙ නරක පුරුද්දක් නැහැ. හරිම හොඳ කෙනෙක්. මොනතරම් කාර්යබහුල වුණත්, තාත්තා නින්දට යන්න පෙර මොනවා හරි කියලා අපව සතුටු කරවනවා.

ඔබ කවුද? මොනවගේද කියලා කිව්වොත්?

වැඩක් හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්. අවබෝධයෙන් වැඩ කරමින් ගෞරවය රුකගන්න කැමති කෙනෙක්.

කවුද ඔබගේ මිතුරිය (රඟපෑමේදී)

මේ දිනවල රඟපෑමේදී ශලනිල සමාධි අරුණිඡායා සහ කාංචනා අක්කා විශේෂිත සහයෝගයක් දක්වනවා.

මේ තුන්දෙනාගෙන් පෙම්වතිය ලෙස යෝජනාවක් ආවොත්ල ඔබ කවුදු භාරගන්නේ?

අම්මේ...... මම තවම නිදහස් කුරුල්ලෙක්.

රඟපෑමේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ කවුරුත් ඉතා හොඳ යෙහෙළියන්.

ඔබගේ හිතේ ඇඳුණු රුව මොන වගේද?

ගොඩක් සරල ආඩම්බර නැති, ලංකාවේ ගතියට ගැළපෙන විදියට ජීවත්වන කෙනෙකුට තමයි කැමති. එයාගෙ වත් පොහොසත්කම් මම අගයන්නෙ නැහැ.

ඉදිරි ජීවිතය ගැන හිතන්නේ කොහොමද?

විවිධාංග චරිත රඟපාන ශිල්පියකු ලෙස කටයුතු කරන්න ආසයි. සල්ලිකාර පවුලක චරිතයකට වඩා ගැමි දුප්පත් ස්වරුපය රුගත් චරිත රඟපාන්න කැමතියි.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ














0 comment(s) to... “සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා”

0 comments: