බන්දුල අඩියක් පසුපසට, උසස් පෙල චක‍්‍රලේකය ලබන වසරට>>

Posted 2:55 AM by Sri lanka Gossip Alert in Labels: ,

ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙල හැදෑරීම සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වැළැක්වීමට අදාල චක‍්‍රලේඛය මේ වසරේදී ක‍්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ජාතික පාසල්වලට ඇතුලත්වීම සඳහා ඉල්ලූම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලූම් කර ඇති ජාතික පාසලට ඇතුලත් වීමේ හිමිකම ලබාදීමට තීරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම චක‍්‍රලේඛය ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර හිදිසියේ ක‍්‍රියාවට නැංවූ මෙම චක‍්‍රලේඛය හේතුවෙන් ප‍්‍රධාන පෙලේ ජාතික පාසල්වලට ඇතුලත් වීමට ඉල්ලූම්කර සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුහු මෙය වෙනස්කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියහ.



1 comment(s) to... “බන්දුල අඩියක් පසුපසට, උසස් පෙල චක‍්‍රලේකය ලබන වසරට>>”