මුත්තයියා මුරලිදරන් ලොව ටෙස්ට් කඩුළු 800 ක් දවාගත් පළමු ටෙස්ට් කි‍්‍රකට් පන්දුයවන්නා බවට පත්වෙමින් ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය අමරණීය තරඟයක් බවට පත් කර ගත්තේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය (22* ඉන්දීය ක්‍රීඩක පී.පී. ඕජා දවාලමින් මෙම දස්කම දැක්වූ ලොව පළමුවැනියා ලෙස කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.
ටෙස්ට් තරඟ 3 කින් යුත් ශ්‍රී ලංකා - ඉන්දියා ටේස්ට් තරඟාවලියට ප්‍රථම මුරලිදරන් ටෙස්ට් තරඟ වලින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර ඒ වන විට ඔහු ටෙස්ට් තරඟ 132 කදී කඩුළු 792 ක් දවා කඩුළු 800 ඉලක්කය සඳහා තවත් කඩුළු 8 ක් පසුපසින් සිටියේය.
සිය අවසන් තරගයේ අවසන් දිනයේදී ඔහු තම සිහිනය සැබෑ කර ගත්තේ ය. සිය අට සිය වැනි කඩුල්ල ලෙස මුරලි දවාගත්තේ ප්රග්යාන් ඔජාගේ කඩුල්ලයි. මහේල ජයර්ධන මුරලිගේ පන්දු වලින් ලබා ගත් 77 වෙනි උඩ පන්දුව වුයේ එයයි. එකම පන්දු යවන්නෙකුගේ උඩ පන්දු 77 ක් එකම ක්‍රීඩකයෙකු ලබා ගැනීමද ලෝක වාර්තාවකි.
0 comment(s) to... “මුරලි අමරණීය වෙයි..”
0 comments:
Post a Comment