ජිනීවා යෝජනාව ගැන මැතිසබේ දින දෙකක විවාදයක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි සම්මත කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් අප්‍රේල් මස මුල් සතියේදී දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
මේ යෝජනාව සම්බන්ධයෙන් රට තුළ විවිධ මත ගොඩනැගී ඇති බවත් මේ පිළිබඳව රජයේ ස්ථාවරය මේ විවාදයේදී පැහැදිලි කරන බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) සඳහන් කළේ ය.
ලබන අප්‍රේල් මස 03 සහ 04 දෙදින තුළ මේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (30) තීරණය කර තිබේ. පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායක රැස්වීමේදී මෙවැනි විවාදයන් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති අතර පක්ෂ නායකයෝ එයට එකඟත්වය පළ කර තිබේ.
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය, සුභාෂිනි සේනානායක
0 comment(s) to... “ජිනීවා යෝජනාව”
0 comments:
Post a Comment