මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කරමින් ජනපති කියයි
ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් අතු ගා දැමුවත් ත්රස්තවාදීන්ට පක්ෂපාතී උදවිය රටින් පිටත සිට වපුරන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීම රටට ආදරය කරන මාධ්‍යවේදීන්ගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ත්රස්තවාදීන්ට පක්ෂපාතී අයගේ හඬ මාධ්‍යයෙන් අදටත් ඇසෙන නමුත් එය වැළැක්වීමට ආණ්ඩුවකට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සතු විශාලතම බලය සත්‍යයේ බලය බව කියයි.
අසත්‍ය ප්රචාරයන්ට පිළිතුරු දීමෙන් පමණක් මවුබිම ඉන් ගලවා ගත නොහැකි බවත් පිළිතුරු දෙන අතරම ඉන් ඔබ්බට ගොස් රට පිළිබඳ සත්‍ය තත්ත්වය ලොව පුරා ප්‍රචාරය කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක් වෙමිනි.
නවීන පහසුකම්වලින් සමන්විත මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා මාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, එල්මෝ ගුණරත්න, ශි්රයා රත්නකාර, සිරිලාල් කොඩිකාර, එඩ්වින් ආරියදාස, ෆූරී කාන් බී. ඉෆ්තිකාර්, සිරි තිලකසිරි, තිස්ස ලියනසූරිය, සන් සොරුෆවතී නාදන්, සුගතපාල සෙනරත් යාපා, ඩී.එෆ්.කාරියකරවන මහත්ම මහත්මීන් වෙත සම්මාන ප්‍රදානයට එක්විය.
මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය පර්යේෂණ පුස්තකාලය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර පංච බල, කේන්ද්‍රය සහ මාධ්‍ය මධ්‍යස්ථානය පිළිබඳ ප්‍රකාශනද පිළිගැනීමට එක්විය. ජනතාවට යහපත් මතවාද ඉදිරිපත් කරනු වෙනුවට වෙනත් වැඩපිළිවෙළක් මාධ්‍ය මඟින් ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ නිසා ජාතික සමඟිය, සංවර්ධනය, ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ නිවැරදිව ජනතාව වෙත ඉදිරිපත් කිරීමට නොහැකිව ඇති බව කීවේ ය.
ප්රජාතන්ත්රවාදයේ මුර බල්ලන් ලෙස හැඳින්වෙන මාධ්‍ය අයුක්තියටත් අසාධාරණයටත් විරුද්ධව බය නැතිව කතා කරන අතරම ජනතාවගේ සංවර්ධනය, අනාගත පරපුර වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ජනාධිපතිවරයා පැවැසීය. අයුක්තියෙන් යුක්තියත්, අසාධාරණයෙන් සාධාරණයත්, අධර්මයෙන් ධර්මයත් තෝරා බේරා ගැනීමේ මඟ ජනතාවට පෙන්වීමේ වගකීම මාධ්‍ය සතු බවත් ජනාධිපතිවරයා කීවේ ය.
සරු දේ සරුවත් නිසරු දේ නිසරුවත් වෙන් කර ගැනීමට ජනතාවට මග පෙන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේ ය. පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, වැඩබලන ජනමාධ්‍ය ඇමති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී.ගනේගල, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
0 comment(s) to... “ත්රස්තවාදීන්ගේ බොරු ප්‍රචාර”
0 comments:
Post a Comment