අධිආරක්ෂක කලාපවල ඉඩම් ඔප්පුහිමියන්ට ආපසු දෙන්නේ නෑ -කෙහෙළිය
Posted 8:55 AM by Sri lanka Gossip Alert in Labels: අධිආරක්ෂක කලාපවල ඉඩම් ඔප්පුහිමියන්ට ආපසු දෙන්නේ නෑ
උතුරු-නැගෙනහිර අධි ආරක්ෂක කලාප හා හමුදා කඳවුරු පිහිටුවා ඇති ඉඩම්වලට නීත්‍යානුකූල ඔප්පු තිබුනත්, එම ඉඩම් නැවත අයිතිකරුවන්ට ලබානොදෙන බව, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රටකට අධිආරක්ෂක කලාප අනිවාර්ය බවත්, අධිආරක්ෂක කලාප හා හමුදා කඳවුරු පිහිටුවා ඇති ඉඩම්වල අයිතිය කාට තිබුණත් වැදගත් වන්නේ රටේ ආරක්ෂාව බව කී රඹුක්වැල්ල මහතා උතුරු නැගෙනහිර බහුතරයක් ඉඩම්වල අයිතිය තිබෙන්නේ එහි ජනතාවට නොව රජයට බවත් කීවේය.
රඹුක්වැල්ල මහතා එසේ කීවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (15* පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවේදීය. ආණ්ඩුව අවතැන් කඳවුරුවල ජනයා නැවත පදිංචි කරනවා කියා තාවකාලික ඉඩම්වල නැවත අනාථ කර ඇතැයි උතුරේ ධීවර ජනයා සහ සාමාන්‍ය ජනයා පවසන බවත්, උතුරේ ජනයාගේ ඉඩම්වල පිහිටුවා ඇති අධිආරක්ෂක කලාප ඉවත් කර ඒ ඉඩම් නැවත එම ජනතාවට ලබානොදෙන්නේ මන්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
ඇමරිකාව තමන්ගේ රටෙන් පිට දකුණු කොරියානු ජනතාවගේද විරෝධය නොතකා අධි ආරක්ෂක කලාප පවත්වාගෙන යන බව කී රඹුක්වැල්ල මහතා උතුරු-නැගෙනහිර අවුරුදු 30 ක් පැවැති ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළත්, එවැනි තත්ත්වයන් නැවත ඒම වැළැක්වීමට නම් අධිආරක්ෂක කලාපවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් පෙන්වා දුන්නේය.
උතුරු නැගෙනහිර දෙමළ ජනයා වසර 30 ක අරගලයක් ගෙන ගියේ ඉඩම්, භාෂා, සංස්කෘතික, දේශපාලන හා සමාජ ප්‍රශ්න මුල්කර ගෙන බවත්, යුද්ධය අවසානයේ රජය ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑමෙන් නැවත යුද්ධයක් ඇතිවිය නොහැකිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල මහතා මෙසේ කීය.
රජයේ ඉඩම් කොල්ල කන්න නම් ඔවුන්ට ඉඩම් තිබිය යුතුයි. ඉඩම්වල අයිතිය තිබෙන්නේ රජයටයි. අද ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම් නොවෙයි. අපි ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පසුබිමක් සකස් කළ යුතුයි. රජය සංචාරක කටයුතු සඳහා කල්පිටිය ප්‍රදේශයේ අක්කර 5700 ක් වෙන්කරලා තියෙනවා. ඒවා රජයේ ඉඩම්, ඒ ඉඩම්වල මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා කියලා සංවර්ධන කටයුතු නතර කරන්න පුළුවන්කමක් නැහැ. ඒ අය කැමැති වුනත් නැතත් රජයට සංවර්ධන කටයුතු කරන්න වෙනවා.
නැවත කැරැුල්ලක් ඇති වන්නේ උතුරේ ජනතාවට කන්න නැති වුනොත්, සල්ලි නැති වුනොත්, ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් නැති වුනොත්. එවැනි තත්ත්වයක් නැවත ඇති වන්නේ නැතැයි ඇමැතිවරයා කීය.
-ශාන්ත විජේසූරිය-

0 comment(s) to... “අධිආරක්ෂක කලාපවල ඉඩම් ඔප්පුහිමියන්ට ආපසු දෙන්නේ නෑ -කෙහෙළිය”
0 comments:
Post a Comment