(පේරාදෙණිය සිසුන් විරෝධතාවය ) University Students Protest Against SB desanayaka

Posted 11:35 AM by Sri lanka Gossip Alert in Labels:
උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ඊයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයක් සහ නීති පීඨ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එහි ගිය අවස්ථාවේ සිසුන් දැක්වූ විරෝධතාවයක් නිසා කලබලයක් ඇති විය.සිසුහු නිදහස් අධ්‍යාපනයේ මළගම යයි කියමින් විවෘත කිරීම් කළ ස්ථානයට මිනී පෙට්ටියක්ද ඔසවාගෙන විත් පුද්ගලික සරසවි ඇරඹීම පිළිබඳ විරෝධය පළ කළෝය.ඔවුනගේ අනෙක් විවේචනය වූයේ, ඊයේ විවෘත කළ පරිගණක විද්‍යාගාරය කලෙක පටන් පරිහරණය කරන එකක් බවත් එහි විවෘත කිරීමක් දැන් කිරීම ඇමතිවරයා ලකුණු දාගැනීමට කළ බොරුවක් බවත්ය.එමෙන්ම ඊයේ නීති පීඨ ගොඩනැගිල්ල විවෘත කළද එවැන්නක් ඇරඹීමට කිසිදු සූදානමක් සරසවියට නැති බවත් එය බෝඞ් ලෑල්ලක් පමණක් බවත් ඔවුහු කීහ.
ඇමති එස්.බී පැවසුවේ මේවා ජවිපෙ වැඩ බවත්,තවමත් ඔවුන් නොමග ගොස් සිතා සිටින්නේ සරසවි යනු රජයේ පාලනය නැති මුදා නොගත් ප‍්‍රදේශ ලෙස බවත්ය.
මේ අතර සිසුන්ගේ කලබලය එළියේ පවතින අතරතුර ප‍්‍රශ්න තිබේ නම් කතා කරන්න එන්න යයි ඇමතිවරයා පණිවිඩ යැවූ නමුත් සිසුන් ප‍්‍රතිචාර දැක්වූයේ හූ හඬින් සහ වාහනයට එල්ල කළ ගල් මුල් වලිනි.කෑකෝ ගැසීම් මැද්දේත් ඇමතිවරයා සිසුන් අතරට යන්නට උත්සාහ කළ අතර තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අලූත්ගමගේ එම කලබලයෙන් එස් බී බේරාගන්නට තැත් කළේ වාහනයට ඔහුව ඇදගෙන දොර වැසීමෙනි.






0 comment(s) to... “(පේරාදෙණිය සිසුන් විරෝධතාවය ) University Students Protest Against SB desanayaka”

0 comments: