සිවිල් පොරක් කියලා හිතුවොත් අනාථයි - Jagath Chamila sri lanka best Actor

Posted 10:34 AM by Sri lanka Gossip Alert in Labels:
නිර්මාණයක් සාර්ථක වීම කෙරෙහි රංගන ශිල්පියකුගේ දායකත්වය බෙහෙවින් වැදගත්ය. තමන් දායක වෙන ඕනෑම චරිතයක් ඔස්සේ තම රංගන කුසලතාව මොනවට විදහා පෑ රංග ශිල්පියකු ලෙස ජගත් චමිල හැඳින්විය හැකිය. ඔහු කතා කරන සෑම වදනක් පාසාම ඇත්තේ රංගනය ගැන මෙන්ම සමාජය පිළිබඳව ඔහු දරන අදහස්ය.



ස්වයංජාත ටෙලි නාට්‍යයේ විභූතරත්න ලෙසත් වජිරපාති ටෙලි නාට්‍යයේ තිවංක හා රුවන් මාළිගා හි ලීඩර් යන චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණත්, රූගත කිරීම්වලට බාධාවක් නොවුණු බවයි ජගත් කියන්න

කලින් කල නාට්‍ය ටිකක් එකවර විකාශය වීම නිසයි නාට්‍ය තුන හතරක් ප්‍රේක්‍ෂකයින්ට බලාගන්න පුළුවන් වුණේ. රුවන් මාාළිගා ටෙලි නාට්‍යයේ කොටස් 50 ක් රූපගත කරලා තමයි අයිටීඑන් එකට බාර දුන්නේ. ස්වයංජාත ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් ළඟදී ඉවර කළා. නමුත් ස්වයංජාතවලට රුවන් මාළිගා ටෙලිනාට්‍යය ලොකු බාධාවක් වුණේ නැහැ. එකවර චරිත හතරක් කළා නෙමෙයි. එකක් කරලා ඉවර වෙලා තමයි අනික් ටෙලිනාට්‍යයේ වැඩ බාර ගත්තේ.

රවින්ද්‍ර විජේරත්න නිර්මාණය කළ ටෙලි නාට්‍ය කීපයක රඟපෑවත්, එ් හැම චරිතයක්ම එකිනෙකට වෙනස් බව ජගත් චමිලගේ හැඟීමයි.

නවකතාකරුවකුගේ නවකතා කීපයකම පාහේ එකම ලක්‍ෂණ තිබෙන්නට පුළුවන්. නමුත් කතාව සහ කතා රසය සහ තේමාව එකිනෙකට වෙනස්. එකම අධ්‍යක්‍ෂකවරයාගේ වුවත් චරිතවල ස්වභාවය වෙනස් වෙනවා. ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යයේ රිද්ම ගේ චරිතය අපි අපි වගේ ටෙලිනාට්‍යයේ සඳරු ගේ චරිතයට වෙනස්. එ් වගේම තමයි රුවන් මාළිගා ටෙලිනාට්‍යයේ ලීඩර්ගේ චරිතය රිද්ම හා සඳරුට වඩා වෙනස් මඟක් ගන්නවා.

සුදත් රෝහණගේ අධ්‍යක්‍ෂණයක් වූ ස්වයංජාත ටෙලිනාට්‍යයේ විභූතරත්න චරිතය නිසා ජගත් චමිලගේ රංගන දිවියේ තවත් පැතිකඩක් පේ‍්‍රක්‍ෂකයින්ට හඳුනාගන්න ලැබුණා.

විභූතරත්නගේ චරිතයට මුලින්ම වෙනත් නළුවන් කීපදෙනෙක් තමයි තෝරාගෙන හිටියේ. නමුත් ඔවුන්ට ඇතිවූ ප‍්‍රශ්න කීපයක් හරහා එ් අයට තවත් නළුවෙක් ගැන හිතන්න සිද්ධ වුණා. විශේෂයෙන් ජනක් පේ‍්‍රමලාල් මා ගැන සුදත් රෝහණට කියලා තිබුණ නිසා එ් චරිතයට මට ආරාධනා ලැබුණා. වේෂ නිරූපණ ශිල්පී නලින් පේ‍්‍රමතිලකට විශාල වගකීමක් පැවරුණා. විභූතරත්නගේ චරිතයට අවශ්‍ය වෙස්ගැනීම කළ හැඩතල වෙස්ගැන්වීම හරහා නිරූපණය කිරීමට විශේෂයෙන්ම මම සුදත් රෝහණට වගේම මේ අවස්ථාවේදී නලින් පේ‍්‍රමතිලකටත් ස්තුතිවන්ත වෙනවා.

පුංචි තිරයේ වගේම රිදී තිරය හරහාත් පේ‍්‍රක්‍ෂකයින්ව ග‍්‍රහණය කරගැනීමට ජගත්ට වාසනාව ලැබුණා.

මේ වෙද්දී මම චිත‍්‍රපට 10 කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම විජය ධර්ම ශ‍්‍රීගේ ගුරු ගෙදර චිත‍්‍රපටය හරහා සිනමාවට පිවිසුණේ. ඉන්පසු ‘තනි තටුවෙන් පියාඹන්න, මේ මගේ සඳයි, අසනි වර්ෂා, උත්පල වණ්ණා, සුළග’ යන චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වුණා. වාණිජ චිත‍්‍රපට කියලා මම සම්බන්ධ වුණේ නීල් රූපසිංහ ගේ හතර දෙනාම සූරයෝ චිත‍්‍රපටයටයි. එහි මට තිබුණේ ඇන්තනී සී. පෙරේරාගේ චරිතයයි. ක්‍ෂේම භූමි, සැමීගේ කතාව හා ගාමිණී තිරගත වීමට නියමිත චිත‍්‍රපටයි.

ඇත්තටම මේ සෑම චිත‍්‍රපටයකටම පාහේ මට හොඳ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබුණා. එ් හැම එකක් ගැනම අතිශෝක්තියෙන් කතා කළත් නෙමෙයි. එ් වගේම කතා කළ යුතු නිසා මුහුණට පමණක් කතා කළ ඒවත් නෙමෙයි. ප‍්‍රතිචාර සියල්ලක් ගැනම සතුටු වෙනවා.

වේදිකාව තුළත් දස්කම් රැුසක් පෙන්වන්න ජගත් සමත් වෙලා තියෙනවා.

මම පාසල් යන කාලයේ ඉඳන්ම වේදිකාව තුළ දක්‍ෂතා දක්වලා තියෙනවා. එ් නිසාම සමස්ත ලංකා නාට්‍ය උළෙලේ හොඳම නළුවා දක්වා ජය අරගෙන තියෙනවා. ඉන්පසු 2005 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ දොන් ජුවන් ටෙලිනාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. වේදිකාව තුළින් ලැබෙන ආභාසය රංගනයට හුඟක් වැදගත් වෙනවා.

වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයේ යන මාධ්‍ය ත‍්‍රිත්වයම ජය ගත්තත් විශේෂයෙන්ම තමන් කැමති මාධ්‍යය වර්ග කිරීමක් කළ නොහැකි බව ජගත් පවසනවා.

මම හිතන්නේ මේ මාධ්‍ය තුන හරහාම මට යමක් කරන්න පුළුවන් කියලා. කැමතිම මාධ්‍යය මොකක්ද කියලා වර්ග කිරීමක් කරන්න මට බැහැ. වේදිකාව හා ටෙලිනාට්‍යවලත් මා සම්මාන පවා හිමිකරගෙන තිබෙනවා. එ් වගේම සිනමාව තුළත් සම්මාන ලැබූ අවස්ථා තිබෙනවා. මේ මාධ්‍ය තුනටම උපරිම කැපවීමෙන් යම් දෙයක් පේ‍්‍රක්‍ෂකයින්ට දියහැකියි යන විශ්වාසය 100% මා ළඟ තිබෙනවා. එ් අනුව මේ තුන් වර්ගයටම මම කැමැත්තක් දක්වනවා.

ජගත් චමිල මාධ්‍යවලට නිරාවරණය වෙන්නේ හුඟක් අඩුවෙනුයි.

මගේ පේ‍්‍රක්‍ෂකයින්ට යම් තරමක් අසාධාරණයක් මෙයින් වෙනවා කියලා මම දන්නවා. අපි කනබොන විදිහ අඳින පළඳින විදිහ දැනගන්න නෙමේ. සමාජය ගැන අපි මොනවගේ ආකල්පයක් දරනවාද කියලා දැනගන්න පේ‍්‍රක්‍ෂකයින් කැමතියි. සමාජයට මෙය අරගෙන යන්න සුදුසු මාධ්‍යයක් තියෙනවද කියලා යම් අවස්ථාවල සැක සහිතයි. නළුවෙක් විදිහට මාධ්‍යවලට නිරාවරණය නොවී ජීවත් වෙන්න අමාරුයි කියලා මම දන්නවා. ඒත් මගේ හිතට තෘප්තියක් නොලැබෙන හා හිතට එකඟ නොවන දේ කරන්න මම කැමති නැහැ.

අද රංගන ශිල්පියෙක් ලෙස පේ‍්‍රක්‍ෂකයින් හඳුනාගත්තත් ඉදිරියේදී නිර්මාණකරුවෙක් ලෙසිනුත් තමන් හඳුනාගැනීමේ ඉඩකඩ තිබෙන බවකුයි ජගත් චමිලගේ කතාවෙන් වැටහුනේ.

අද වෙද්දී හොඳ නිර්මාණ බිහිවන්නේ අඩුවෙනුයි. ඒනිසා මේ කලාව තුළ ලොකු අර්බුදයක් තිබෙනවා. අපි දැන් නිහඬව ඉන්නේ නැතුව මෙයට කුමක් හෝ කළ යුතුයි කියලා හිතනවා. එ් දෙයට මම සූදානමින් ඉන්නවා.

වෘත්තීය මට්ටමින් රංගන ශිල්පියෙකු නොවී කලා ක්‍ෂේත‍්‍රය තුළ රැුඳී සිටීමටයි ජගත් මුලින් තීරණය කර තිබුණේ.

රැුකියාවක නියලෙන ගමන් කලා ක්‍ෂේත‍්‍රය තුළ රැුඳී සිටීමටයි මම මුළින් උත්සාහ කළේ. ලංකාවේ වෘත්තීය මට්ටමින් රංගන ශිල්පියකු ලෙස රැුඳී සිටින්න අපහසුයි. අවුරුදු දහයක් විතර මම මේ තීරණය සමඟ දෝලනය වෙමින් හිටියා. එ් වෙද්දී මට තේරුණා එ්කට ඉඩකඩක් නැහැයි කියලා. එ් නිසා මගේ තීරණය අයින් කරගන්න සිද්ධ වුණා. අද වනවිට මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්.

ජගත්ට එයාගේ සහකාරියව හමුවෙලා තියෙන්නේ ගුරු ගෙදර චිත‍්‍රපටය රූගත කිරීම් කරද්දියි.

ඇය පියුමි උත්පලා. විජය ධර්ම ශ‍්‍රී ‘ගුරු ගෙදර’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී අපි සහෝදරයන් ලෙස ඇසුරු කළා. කාලයකට පස්සේ අපි පෙම්වතුන් වුණා. දැන් අපි විවාහවෙලා සතුටින් ඉන්නවා. අපේ දුවගේ නම වෙනුරි තිහාරා. දුවට දැන් අවුරුදු 7 යි. ඇය දැන් පාසල් යනවා.

ඇයට කලා ක්‍ෂේත‍්‍රය අමුතු තැනක් නෙමේ නිසා මේ වෘත්තිය පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා. රංගනය වෙනුවෙන් කැපවෙන්න මට එය ලොකු පහසුවක් කියලා හිතෙනවා.

රංගනය සරල දෙයක් නොවන බවයි ජගත් පවසන්න

රඟපෑම කියන්නේ සරල දෙයක් නොවෙයි. ඉතා අමාරු කාරියක්. එහි සංකීර්ණ බව දැනෙද්දී තමන්ගේ දක්‍ෂතාවය පිළිබඳ වැටහෙනවා. රංගන ශිල්පියෙක් වීම තමන්ට ලැබුණු සිවිල් බලයක් කියලා හිතාගෙන එය පෙද්ගලික වාසි තකා යොදා ගන්නවා නම් එය වැරදියි. රංගනයේදී දෙබසක් කියවිය යුතු හැඩයක් තිබෙනවා. එය හඳුනාගෙන නිවැරදිව උච්චාරණය කළ යුතුයි. එ් හැඩය ඉවෙන් හඳුනා ගැනීමයි රංගන ශිල්පියෙකුගේ කාර්යය විය යුත්ත

උපමාලි විජේගුණවර්ධන

















0 comment(s) to... “සිවිල් පොරක් කියලා හිතුවොත් අනාථයි - Jagath Chamila sri lanka best Actor”

0 comments: