රාජ්‍ය නොවන සංවිධානවලට රතු එළියක්
Posted 9:14 AM by Sri lanka Gossip Alert in Labels: රාජ්‍ය නොවන සංවිධාන
ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධානය සියල්ලක්ම නැවත ලියාපදිංචි විය යුතු බව පසුගියදා පැවැති ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී තීරණයක් ගෙන ඇතැයි වාර්තාවේ.
උතුරේ යුද්ධයත් සමඟ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සේවා කටයුතු ගැන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ අතර, ඇතැම් සංවිධානවල කි‍්‍රයාකාරීත්වය ගැන සමහර ඇමැතිවරුන් විවෘතවම විවේචන එල්ල කළේය.
ආරක්ෂක මන්ඩලය ගත් මේ තීරණයට අනුව රාජ්‍ය නොවන සංවිධාන නැවත ලියාපදිංචි කිරීමේදි ආණ්ඩුව අකමැති සමහර සංවිධාන ලියාපදිංචි නොකිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු ගැන සෙවීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු කමිටුවක් ද පත් කළ අතර, එහි අතුරු වාර්තා කීපයක් ම රජයට බාරදී තිබේ.
වසර 30 ක් තිස්සේ එල්ටීටීඊය විසින් අල්ලාගෙන තිබූ කිලිනොච්චියේ ගොඩනැගිල්ලක ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී, රාජ්‍ය නොවන සංවිධාන ගැන විශේෂ සඳහනක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නොවන සංවිධානවලට මේ රට පාලනය කිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව කටයුතු කරන බවත්, තමා ඊට කිසිසේත් ඉඩනොදෙන බවත් ජනාධිපතිවරයා කිලිනොච්චියේදී පවසා ඇත.
සමහර රාජ්‍ය නොවන සංවිධාන විදේශවලට ගොස් මේ රටට එරෙහිව විවිධ ප්‍රචාර ගෙන යන බවද පවසා ඇති ජනාධිපතිවරයා කිලිනොච්චි මාර්ගය දෙපස වහළවල් නැති ගොඩනැගිලි දැක ඒවා ඉතිරි කර තිබෙන්නේ තමාට දැක බලා ගැනීමටදැයි ප්‍රශ්න කොට තිබේ.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වහලවල් නොමැති මෙම ගොඩනැගිලිවල ඡුායාරූප ගෙන ඒවා පිටරටවලට යවා ලක්ෂ ගණන් මුදල් උපයා ගැනීමට කටයුතු කළ හැකි බැවින් එම ගොඩනැගිලිවල වහල කඩිනමින් ඉදිකරන ලෙස නිලධාරින්ට උපදෙස් දී ඇත.
රජයේ බුද්ධි අංශ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු හා ඒවායේ සිටින විදේශිකයින් ගැන නිරන්තර සෝදිසියක සිටින අතර, බුද්ධි අංශ වාර්තා අනුව ඇතැම් සංවිධානවල නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කොට තිබේ. ඇතැම් අයට මෙරට රැුඳී සිටීම සඳහා වීසා අලූත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. පසුගියදා අවිහිංසාවාදී සාම බලකායේ නිලධාරීන් දෙදෙනකුගේ වීසා අලූත් නොකළ අතර, ඔවුනට ආපසු යාමට සිදුවිය. ඒ දෙදෙනාට වීසා අලූත් නොකළේ බුද්ධි අංශවල වාර්තාවලට අනුව බව ආගමන විගමන අධ්යක්ෂ ජෙනරාල්වරයාත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාත් ප්‍රකාශ කොට තිබිණ.

0 comment(s) to... “රාජ්‍ය නොවන සංවිධානවලට රතු එළියක්”
0 comments:
Post a Comment