විශ්‍රාම යෑමෙන් අනතුරුව තම ආරක්ෂාවට අනුයුක්ත නොකළ යුද හමුදා සෙබළුන් 12 දෙනකු ට රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත්කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන නඩුවේ පළමු විත්තිකරුවූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රුපියල් දස ලක්ෂයක මුදල් හා රුපියල් විසිපන්ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ(18) නියෝග කෙළේය.
ඇප නියම කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙසට නියම කෙළේය. විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසරය මත විදේශ ගතවියහැකි බව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කෙළේය.
ඇප නියම කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතාට ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් වූ අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහෝදරියෙකු වූ චාන්දනී මුණසිංහ මහත්මිය හා සරත් ෆොන්සේකා මහතගේ ඥාති මුනුපුරකු වූ සංජීව කුමාර යන අය ඇපකරුවන් ලෙසට අධිකරණය බාරගත්තේය.
රජයේ සේවකයකු වූ සරත් ෆොන්සේකා මහතා ට නියම කළ රුපියල් දස ලක්ෂයේ මුදල් ඇපය තැබීම සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට නීතීඥ සාලිය පීරිස් මහතා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවකු ඇප මත මුදාහැරිය හැක්කේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුව පමණක් බවයි. සරත් ෆොන්සේකා මහතා කොළඹ නවලෝක රෝහලේ තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ වෛද්‍ය වාර්තාවක්ද සමඟ අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
ඒ අනුව ඇප අස්සන් කිරීමට අවශ්‍ය ලේඛන කොළඹ නවලෝක රෝහල වෙත රැගෙනගොස් විත්තිකරුගේ අස්සන් ලබාගන්නා ලෙසට විනිසුරුවරයා කෙළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කෙළේය. මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා ඊයේ මේ නඩුව අධිකරණය හමුවේ කැදවා තිබුණි.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සාලිය පීරිස් මහතා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට දන්වා සිටියේ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ නඩුවේ ඇප අයැදුමක් ඉදිරිපත් කිරීම සදහා මෝසමක් මගින් නඩුව කැදවන ලෙසට ඉල්ලීමක් කළ බවයි.
මේ නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත්කරන පළමු අවස්ථාව මෙය වන බවද 2010 සැප්තැම්බර් මස 28 වැනිදා සිට මේ දක්වා මෙම නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය බාරයේ පසු වූ බවද නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.
මේ නඩුවේ පළමු විත්තිකරු යන සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් බවට වාර්තා වූ බවත් දැනට සරත් ෆොන්සේකා මහතාට තිබෙන දඩුවම් සම්බන්ධයෙන් යම් සහනයක් ලැබෙන්නේනම් එම සහනයෙන් ලැබෙන නිදහස බුක්ති විඳීමට ඔහු බන්ධනාගාරගතව සිටීමෙන් නොහැකි වන බවත් පවසා සිටි නිතීඥ සාලිය පීරිස් මහතා සුදුසු කොන්දේසි මත සරත් ෆොන්සේකා මහතා ට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.
මේ නඩුව සම්බන්ධයෙන් පළමු විත්තිකරු වන සරත් ෆොන්සේකා මහතා ඇප ඇයදූ පළමු අවස්ථාව මෙය වන බවත් මේ නඩුවේ ඇති චෝදනා මෙම අධිකරණයෙන් ඇප නියම කළ නොහැකි චෝදනා නොවන බවත් අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කර සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ දමිත් තොටවත්ත මහතා විත්තියේ ඇප අයැදුම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නොවන බව දන්වා සිටියේය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට ඇප නියම කරන ලදී. මේ නඩුවේ දෙවැනි විත්තිකරු වූ සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්රිය ආනෝල්ඩ් ද සිල්වා මහතා මිට පෙර අධිකරණ ඇප මත මුදාහැර ඇත.
2009 සැප්තැම්බර් 15 වැනිදාත් 2010 ජනවාරි මස 01 වැනිදාත් අතර කාලයේ යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන්ට අනුයුක්ත නොකර සිටි යුද හමුදා සෙබළුන් 12 දෙනකු ළඟතබාගෙන සිටින ලදැයිද ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදැයිද එම සෙබළුන්ට එරෙහිව කටයුතු කිරීමට යුද හමුදා පොලිසියේ සෙබළුන්ට ඉඩ ලබා නොදෙන ලදැයිද පවසමින් චෝදනා 41ක් යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන රියාස් බාරි හා දමිත් තොටවත්ත යන මහත්වරු පෙනී සිටියහ. විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතී සාලිය පීරිස් ,නිලන්ති පීරිස් , රුක්ෂාන් නානායක්කාර, දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් අතුළු නීතීඥවරු මඩුල්ලක් පෙනී සිටියහ.
කුමුදු හෙට්ටිආරච්චි
දශක තුනක කාලයක් මෙරට පැවැති යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් අපේ රණවිරුවන් දැන් රට සංවර්ධනය කිරීමේ මෙහෙයුමේ පෙරමුණ ගෙන සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනක් සිය ශ්‍රමයෙන් නිම කැර තිබේ.
උතුරු, නැඟෙනහිර පමණක් නොව රට පුරා කැරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට රණවිරුවන් දුන් දායකත්වය නිසා රජයට ඉතිරි කර ගැනීමට හැකිවූ මුදල රුපියල් කෝටි හයසිය තිහකට ආසන්න බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථාන තොරතුරු අනාවරණය කරයි.
යුද්ධයෙන් විනාශව තිබූ උතුරු, නැඟෙනහිර ප්‍රදේශයේ ගේදොර, මංමාවත්, පාලම් බෝක්කු, මහා මාර්ග, වැව්, ජලාස, ගොවිපළ, නගර, රජයේ ගොඩනැඟිලි ඇතුළු සියලු ස්ථාන අලුත්වැඩියා කර නැවත සකස් කිරීම සම්පූර්ණයෙන්ම හමුදාව අතින් ඉටුවී තිබේ.
මේ වැඩපිළිවෙළ යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ බැරැක්කවලට සිර නොකර ඔවුන්ගේ ශ්‍රමයෙන් රටේ සංවර්ධන කටයුතු කිරීමේ සංකල්පය යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලදී.
මේ යටතේ යුද හමුදාවේ සියලු ආරක්ෂක බළසේනාංකවලට වෙනමම ව්‍යාපෘති බාරදී ඇත. ඒ අනුව ව්‍යාපෘති දහසකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වී තිබේ. යුද්ධයෙන් විනාශවූ ප්‍රදේශවල ත්රස්තවාදීන් අතුරා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් බාර වී තිබුණේ යුද හමුදාවටයි. ඒ අනුව ඉතා කෙටි කාලයකදී ඉංජිනේරු බළකායේ මූලිකත්වයෙන් දසදහස් ගණනක් බිම් බෝම්බ ඉවත් කැරිණි.
බිම් බෝම්බ ඉවත් කිරීම අන්තර්ජාතික සමාගම්වලට බාර දුන්නේ නම් රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට සිදුවෙයි. එහෙත් අපේ රණවිරුවන්ගේ දෑතින් එම ව්‍යාපෘතිය සාර්ථකව සිදුවීමෙන් මෙරටට ඉතිරි වූ මුදල රුපියල් කෝටි විසිහතර ඉක්මවයි.
කිළිනොච්චි මහා මාර්ගය, ඒ 9 මාර්ගය, කොකාවිල් රූපවාහිනී කුලුන, උතුරේ දුම්රිය මාර්ග, යාපනේ, ඔඩ්ඩුසුඩාන් මාර්ග, කනකරායකුලම් පාලම, කුමනමුලේ, මුලතිව්, නයාරු, කල්කුඩා, පනිච්චන්කේන්, පෙරියමඩු, ධර්මපුරම් පාලම් උතුරේ ප්‍රධාන ව්‍යාපෘති අතර වෙති.
යාපනය රෝහල, කෝපායි රෝහල ඇතුළු රෝහල් ගණනාවක අලුත්වැඩියා කටයුතු සිදුවූයේද ත්‍රිවිධ හමුදාවෙනි. උතුරේ පාසල් විශාල ප්‍රමාණයක් යුද්ධයෙන් විනාශවී තිබුණ අතර ඒ සෑම පාසලක්ම අලුත්වැඩියා කැර තිබේ.
උතුරු, නැඟෙනහිර පළාත්වල විදුලිය සැපයීම නව නිවාස ඉදිකිරීම, පෙර පාසල් ඇතුළු දෑ සකස් කිරීම ද හමුදාවෙන් සිදුවිය. උතුරු, නැඟෙනහිර පළාත්වල අලුත්වැඩියා කර සකස් කැරුණු කෝවිල් ප්‍රමාණය 18කි.
යුද්ධය නිසා විනාශවී බිම පෙරළා දමා තිබූ විශාල වතුර ටැංකි ගණනාවක් අලුත්වැඩියා කළ රණවිරුවෝ අරාලිතුඩුව දක්වා වූ ප්‍රදේශයේ තල් බීජ තිස්පන්දහසක් අලුතෙන් සිටුවා ඇත.
උතුරු, නැඟෙනහිර සිවිල් ජනතාවට ස්වයං රැකියා කර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය රණවිරුවන් අතින් ලැබී තිබේ. උතුරු, නැඟෙනහිර එවැනි ශීඝ්‍ර සංවර්ධනයකට සහාය වූ රණවිරුවන් දකුණේ සිදුවූ දැවැන්ත ව්‍යාපෘති රැසක් ද ඉදිකිරීමට මූලිකවී ඇත.
ඒ අතරින් දියගම ක්‍රීඩා භූමි ප්‍රදේශය, සූරියවැව, විල්පත්තු, පල්ලේකැලේ ආදී ප්‍රදේශවල ව්‍යාපෘති රැසකටද රණවිරුවන් දායකවී ඇත. පුරන්වී තිබූ කුඹුරු හා ඉඩම් අක්කර පහළොස්දහසක් පමණ වගා කරනු ලැබුවේද මන්නාරම සහල් නැළිය දැවැන්ත කුඹුරු යාය යළි නගාසිටුවීමට සහාය වූවෝද රණවිරුවෝය.
ඒ අතර කොළඹ නගරයේ ගොඩනැගිලි අලුත්වැඩියා කරමින් නවීකරණය කිරීම හා කොළඹ හා ඒ අවට භූමිය අලංකාරය වූයේද රණවිරු දෑතිනි.
විජයානි එදිරිසිංහ (dinamina newspaper)
Sri Lanka hospital and Fortis in health lab deal
ඉන්දියානු සමාගමක් සමග එක්වී ලංකා හොස්පිට්ල්ස් සමාගම වෛද්‍ය රසායනාගාර ජාලයක් ගොඩනැගීමට සූදානම් වනබව හෙළිවේ.
මේ අනුව, Lanka Hospital Corporation සමාගම පවසා තිබෙන්නේ ඉන්දියාවේ Fortis Healthcare සමාගම සමග එක්වී රුපියල් මිලියන 831 ක වියදමින් මෙම වෛද්‍ය රසායනාගාර ජාලය ඉදිරි වසර දෙක තුළ ආරම්භ කරන බවයි.
ලංකා හොස්පිට්ල්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් වන අතර ඉන්දියාවේ Fortis Healthcare සමාගම ලංකා හොස්පිට්ල්ස් සමාගමේ දෙවැනියට විශාලතම කොටස් අයිතිය හිමි සමාගමයි.
පසුගිය මාර්තුවේදී මෙම සමාගම විසින් ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සියයට 28.6 ක කොටස් මිලදී ගත් අතර ඒ සඳහා රුපියල් බිලියන 3.98 ක් වැය කළේය.
මෙම රෝහල මීට පෙර කළමනාකරණය කළේ ඉන්දියානු ඇපලෝ රෝහල් සමූහයයි.
Fortis ඉන්දියාවේ විශාලතම රෝහල් ජාලයක් වන අතර එම සමාගමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩුබායි, හොංකොං, මුරුසි දිවයින, නවසීලන්තය, සිංගප්පූරුව හා වියට්නාමය යන රටවල රෝහල් 55 ක් තිබේ.
ලොව වටා ග්‍රාහකයින් මිලියන 900 ක් පමණ සිටින Facebook වෙබ් අඩවිය ලොව විශාලතම අන්තර්ජාල කොටස් නිකුතුව කරමින් ඩොලර් බිලියන 16 ක මුදලක් රැස්කර ගෙන තිබෙන අතර කොටස් අද දිනයේදී ගනුදෙනු වීමට නියමිතය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ඩොලර් 38 ක් වන කොටස් මිලියන 421.2 ක් නිකුත් කෙරුණු බවත් මේවා උණු කැවුම් මෙන් විකුණුනු බවයි.
කොටසක් ඩොලර් 38 ක් ලෙස මිල කිරීමත් සමග Facebook වෙබ් අඩවියේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 104.1 ක්වී ඇතැයිද එම ගණනය කිරීමට අනුව ලෝකයේ 40 වැනියට වටිනාම සමාගම මෙය බවද සඳහන්ය.
මේ අනුව, Facebook සමාගම Amazon.com හා Qualcomm යන සමාගම් වලට වඩා වටිනා අතර පෙප්සි කෝලා සමාගමට වඩා පහළින් තිබෙන බව මෙම වාර්තා අනාවරණය කරයි.
Facebook සමාගමේ නිර්මාතෘ තවමත් 28 හැවිරිදි මාර්ක් සකර්බර්ග් සතුව සමාගමේ සතු කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 19.1 ක් බවත් වාර්තා වේ.
මිලියන 900 ග්‍රාහකයින් තුළින් Facebook සමාගම ගිය වසරේදී ඩොලර් බිලියනයක ලාභ වාර්තා කර තිබෙන අතර ඉදිරියේදී කොටස්කරුවන්ගේ අපේක්ෂා මුදුන් පත් කරවීමට ලාභ වැඩිකර ගැනීමේ අභියෝගය සමාගම ඉදිරියේ තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.
සමාගමේ ආදායම ඉදිරියේදී දස ගුණයකින් වැඩිකර ගත යුතුව ඇති බවත් එයට අනුව වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30-40 ක් පමණ විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.
අන්තර් ජාල වෙළඳ දැන්වීම් මගින් ආදායම් රැස්කර ගැනීමට ඉදිරියේදී විශාල අවස්ථාවක් තිබෙන බව හෙළිවන අතර මේ වනවිට ලෝකයේ වෙළඳ දැන්වීම් වලින් අන්තර් ජාල වෙළඳ දැන්වීම් කොටස සියයට 20 ක් පමණ වනබව සඳහන්ය.
Sri Lanka overturns ill-fated National Savings Bank-The Finance Co. deal
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමෙන් මිලදීගත් කොටස් ප්‍රමාණය නැවතත් අදාළ විකිණුම් කරුවන්ට ලබාදී මුදල් ආපසු ලබාගැනීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව, කොටස් වෙළඳ පොළේ සිදුවන ගනුදෙනුවක් ලෙස නොව පුද්ගලික කොටස් පැවරීමක් ලෙස මෙය සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙන අතර මෙම ගනුදෙනුව පසුගිය කාලයේදී ඉමහත් ආන්දෝලනයට හේතුවිය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් වලින් සියයට 13 ක් මිලදීගත් අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 390 ක් වැයකර තිබුණි.
කොටස් වෙළඳ පොළේ ද ෆිනෑන්ස් කොටසක් රුපියල් 30 ක් වනවිට රුපියල් 49.74 කට මෙම කොටස් මිලදී ගැනීමට දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර පසුව රජයේ අවධානය මේ සඳහා යොමුවිය.
මේ අනුව, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ කටයුතු නියාමකයා වන සුරැකුම් පත් හා විනිමය කොමිසමට පවරනු ලැබීය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදීගෙන තිබෙන ද ෆිනෑන්ස් කොටස් නැවතත් පවරන දිනයක් නියාමකයා විසින් ප්‍රකාශයට පත්කර නොමැත.
ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙල හැදෑරීම සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වැළැක්වීමට අදාල චක්‍රලේඛය මේ වසරේදී ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට ජාතික පාසල්වලට ඇතුලත්වීම සඳහා ඉල්ලූම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලූම් කර ඇති ජාතික පාසලට ඇතුලත් වීමේ හිමිකම ලබාදීමට තීරණය වී ඇත.
කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර හිදිසියේ ක්‍රියාවට නැංවූ මෙම චක්‍රලේඛය හේතුවෙන් ප්‍රධාන පෙලේ ජාතික පාසල්වලට ඇතුලත් වීමට ඉල්ලූම්කර සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුහු මෙය වෙනස්කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ප්‍රථම වරට බංග්ලාදේශ ක්‍රිකට් ලීග් තරඟාවලියට සහභාගීවීමට අවස්ථාව උදා වී ඇත. මේ අනුව විදෙස් රටක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබූ ප්‍රථම ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙස මොවුන් තරඟාවලියට එක්වෙති.
මේ අනුව සඳමාලී දොළවත්ත සහ ශ්‍රීපාලී වීරක්කොඩි යන ක්‍රීඩිකාවන් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා අද දිනයේ බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.
තරඟාවලිය මේ මස 31 වැනි දින දක්වා පැවැත්වේ.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අදාළව පැන නැගී ඇති සුළු ගැටලු නිරාකරණය කර ගනිමින්, මෙම සතිය තුළදී ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැකිවෙනු ඇතැයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විශ්වාසය පල කරයි.
තමා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද උදෑසන අරගලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවේදී, ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පවතින සුළු සුළු ගැටළු කතා බහ කල බවත්, එහිදී බොහෝ ගැටලු නිරාකරණය කරගත බවත් අලස් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ, සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි. නිදහස් කළ පසු දේශපාලනය නොකිරීමද ඊට අයත් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල හමුවේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුව පසුගිය අයවැයේදී පොරොන්දු වූ පරිදි වැටුප් විශමතා ඉවත් නොකිරීමට එරෙහිව විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (15) උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
‘මුදල් ඇමැති ජනාධිපති අයවැයේදී රටට කිව්වේ, සරසවියේ අපේ වැටුපේ විෂමතාව විසඳෙන බව, එහෙත් කලේ මහලොකුවට ප්‍රෝඩාවකි, රට රවටන ප්‍රෝඩාවකි, අප රවටන දිනුම අපේ සැබෑ කරන් මිස යන්නෑ මෙදා පාර’ යන සටන් පාඨ කියමින් විරෝධතා කරුවෝතම විරෝධය ප්‍රකාශ කළහ.
දැන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බල්ළො මරලා සල්ලි හොයන්න අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා කියයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (14) කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
දැන් අවශ්‍යව ඇත්තේ ආදායම් වැඩිකරගෙන වියදම් අඩුකර ගැනීමේ වැඩ පිළිවෙලක් පමණක් යැයිද ඔහු අවධාරණය කළේය.
එස්.එල්.පී.එල්. තරගාවලිය අයි.සී.සී. නීතිරීතිවලට අනුව තහනම් උත්තේජනවලින් ඈත්ව හා දූෂණයෙන් තොරව පවත්වන බවට ද ඔහු මෙහිදී ප්‍රතිඥාවක් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා ප්රමුඛ ලීග් පන්දුවාර විස්සයි – 20 කි‍්‍රකට් තරගාවලිය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවෙන් නීතිපති උපදෙස් ලබා මතභේදයකට තුඩුදුන් කරුණු ඉවතලා පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙහිදී හෙළි කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වඩාත් වාසිදායක වන අන්දමින් සමර්සෙට් ආයතනය සමඟ පැවති ගිවිසුම සංශෝධනය කළ බවද ඔහු කීය.
සමර්සෙට් ආයතනයට තරගාවලියේ අයිතිය වසර 25කට හිමිවී තිබුණ ද එය වසර 15 දක්වා අඩු කිරීම ඇතුළු වාසිදායක කරුණු ගණනාවකට එළඹීම මේ තරගාවලියේ සාර්ථකත්වයට හේතු වන බවද ඒ මහතා පැවැසීය.
මෙමගින් වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අතර එය සෑම වසරකදීම 10%කින් වැඩිවීමේ එකඟතාවක් ද සමර්සෙට් සමග ඇතැයිද ඔහු හෙළි කළේය.
මීට අමතරව පළාත් කණ්ඩායම් විකිණීමෙන් ලැබෙන මුදලින් හරි අඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.
තරග 24කින් සමන්විත එස්.එල්.පී.එල්. තරගාවලිය ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස හා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
දෙපස තුරු අතු විහිදුනු, හරිත පැහැ, සිසිලැති මෙම මාවත නිසැකයෙන්ම ආදරණීය හා සාමකාමී හැගුම් පුබුදුකරවන ස්ථානයෙකි.
යුක්රේනයේ ‘ටනල් ඔෆ් ලව්’ (පේ‍්‍රමයේ බිංගෙය) ලෙස හැඳින්වෙන් මෙම ස්ථානය එරට පෙම්වතුන්ගෙ පාරාදීසයකි.
කෙසේ වෙතත්, මෙහි නිසල බව තාවකාලිකය. ඒ, මෙය පෞද්ගලික දුම්රිය මාර්ගයකට අයත් කි.මී. 03ක කොටසක් වන බැවිනි.
නැගෙනහිර යුක්රේනයේ ක්ලේවන් ප්‍රදේශයේ පිහිටි ෆයිබර්බෝඩ් කම්හලකට දර ගෙනයන දුම්රිය මෙම මාර්ගය ඔස්සේ දිනකට තෙවරක් ගමන් කරයි.
කෙසේ වෙතත්, යකඩ යකා නොමැති වේලාවට මෙහි ගමන්ගන්නේ පෙම්වතුන්ය.
පෙම්වතුන් යුවළක් විසින් මෙහි පැමිණ ප්‍රාර්ථනාවක් කළහොත්, එය සත්‍ය පේ‍්‍රමයක් නම් එම ප්‍රාර්ථනාව ඉටුවන බව යුක්රේන ජාතිකයන් විශ්වාස කරන්නේ යැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
Sri lanka Gossip Alert
මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.
අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.
බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් වනාහි මහාපරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව පුරුදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් බව මීට පෙර අප පවසා ඇත්තෙමු
ෆෙන්ග් ෂුයි උපදේශන සේවා ලබාදෙන ඇයගේ මධ්‍යස්ථානයද පිහිටා තිබෙන්නේ ලිබර්ටි ප්ලාසාහිය. එයට අමතරව ඇය "නිර්මාණ ඉංජිනේරු උපදේශන සේවාව" පවත්වාගෙන යයි. කැෂියන් හේරත් සහ තිලංගනී හේරත් ගේ පුතු දුලිත් හේරත් කප්රුක වෙබ් අඩවිය පවත්වාගෙන යයි.
2008-2009 වසර වලදී ලංකාව තුල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය. කකුල් තුනේ ගෙම්බන්, ගෝනුස්සන් ඉබ්බන්, අශ්ව ලාඩම්, ලාෆින් ගෝඩ් හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.
අමාත්‍ය මර්වින් සිල්වාද කැෂියන් හේරත්ගේ බිරිඳ වන තිලංගනී හේරත් මහත්මිය විසින් ලංකාවට බෝ කළ චීන ෆෙන්ෂුයි පිළිමවන්දනාවට ඇබැහිවී ඇති අයෙක් බව ඊයේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.
එම පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙන බව මර්වින් සිල්වා විසින් ඊයේ ඊයේ පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා දෙසට හැරෙමින් පැවසුවේ
"මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත්‍රං පළඳින්නේ ඒ නිසායි." යනුවෙනි.
පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බෙල්ලන්තර සිරි සදහම් ආරාමයේද මෙවන් චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම දක්නට ලැබෙනවා. පහත ජායාරූපයේ දැක්වෙන්නේ එහි දක්නට ලැබෙන පිළිමයකි
මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.
එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.
නමුන් ඊයේ දිනයේදී එම ඇලට වැටුන අලියාව ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකිවුනේ නැහැ. ස්ථාන කීපයකින් ම අලියාව ගොඩට ගැනීමට උත්සාහ කළත් අසාර්ථක වීම නිසා කිලෝමීටර් 25ක් ඇල දිගේ ගසාගන ගිය අලියා වේල්ලකින් පහතට පෙරලී මියගියා.
Sri lanka Gossip Alert
බි්රතාන්යයේ ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේදී අන්ධභාවයට පත් පුද්ගලයින්ට පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් සාර්ථකව අත්හදා බලා තිබේ.
මෙම විශේෂ විද්‍යුත් උපකරණය සවිකිරීම මගින් පෙනිම ලබාදිමේ පරීක්ෂණය මෙහෙය වනු ලැබුයේ මහාචාර්ය මැක් ලැරෙන් සහ ටිම් ජැක්සන් විසිනි.
ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේ සායන සදහා සහභාගි වු ක්‍රිස් ජේම්ස් සහ රොබින් මිලර් යන දෙදෙනා මෙම පරීක්ෂණය සදහා යොදාගෙන ඇති අතර ඔවුන් පූර්ණ අන්ධභාවයේ පසු වු පුද්ගලයින් වේ.
ඇසෙහි ඇති දෘෂ්ටිවිතානය නම් කොටසෙහි ඡුායාරූප සංවේදී ෙසෙල අක්‍රියවීම මොවුන් අන්ධභාවයට පත්විමට හේතුවි ඇත.
අදාළ පුද්ගලයින්ගේ දෘෂ්ටිවිතානය ආශ්‍රිතව ආලෝක සංවේදි පික්සෙල් 1,500ක ධාරිතාවක් සහිත ඉලෙක්ට්‍රොනික චිපයක් බද්ධ කර ඇති අතර ඇසට ආලෝකය ඇතුළු වූ විට උද්ධීපනය වන එම පික්සෙල දෘෂ්ටි ස්නායුවට විද්‍යුත් සංඥාවක් ලබා දි එය ස්නායු පද්ධතිය හරහා මොළය වෙත යැවීමෙන් පෙනීම ලැබෙයි.
මෙහිදී ප්‍රතිස්ථාපනය වනුයේ, මූලික වශයෙන් කළු සදු දෘෂ්ටියක් පමණි.
සැත්කමින් අනතුරුව තමන්ට ඉතා සමීපයේ පවතින රේඛා සහ නැමි හඳුනාගත හැකි වූ බව ක්‍රිස් ජේම්ස් පවසන අතර රොබින් මිලර් පවසන්නේ තමන් වසර 25කට පසුව යළිත් වරණවත් සිහින දකින බවයි.
කෙසේ වෙතත් තවමත් දුරින් පිහිටි වස්තූන් නිරීක්ෂණය දුෂ්කර බව ද ඔවුහු පවසති.
මෙහිදී ප්‍රථම සැත්කම සිදු කරන ලද මහාචාර්ය මැක් ලැරෙන් පවසන්නේ, පූර්ණ අන්ධභාවයේ පසුවු පුද්ගලයකුට බි්රතාන්යයේදී කිසියම් පෙනීමක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.ටෙලි නාට්‍ය අධ්යක්ෂ චාමර ජයනාත් පීරිස්ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය වන්නේ සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට ස්වර්ණාවාහිනිය ඔස්සේ විකාශනය වන ‘පියවි’ ටෙලි නිර්මාණයයි.
බොක්සිං ක්‍රීඩාවට ආදරය කරන විශාල් නම් තරුණයෙකු වටා ගෙතුනු අපූර්ව කතන්දරයක් පියවි’ තුළින් කියවේ.
කාලෙකින් නැවතත් පුංචි තිරයට එක්වන උමයංගනා පියවි’ තුළ දකින්නේ ඉන්දිරා ලෙසිනි.
තවද නිවේදිකාවක් ලෙස මෙන්ම රංගන ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් ද වූ රේණුකා බාලසූරිය දීර්ඝ කාලෙකට පසු මීට රංගනයෙන් එක්වේ.
දිනක්ෂි ප්‍රියසාද්, එරංග ජීවන්ත, යුරේනි නොෂිකා, කාවිංග පෙරේරා යන යොවුන් නළු නිළියන් මෙන්ම රෙබෙකා නිර්මලී, කුසුම් පෙරේරා, ෆර්නි රෝෂිනී, කමල් දේශප්‍රිය, චින්තක වාස්, භාග්‍යා ගුරුසිංහ, ඉනෝකා පෙරේරා, ප්‍රභාත් පතිරණ යන අයද මීට රංගනයෙන් දායක වේ.
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණයෙන් චන්දන ජයසිංහ, සංස්කරණයෙන් ලක් රුවන් ද සේරම් සහාය අධ්‍යක්ෂණයෙන් ඩබ්ලිව්. රවීන්ද්‍ර, අංග රචනයෙන් සංජීව දැරණියගල, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත හා ටෙරස් ඞී. සිල්වා, නිෂ්පාදන කළමනාකරණයෙන් දිලීප සමරසේකර, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ප්‍රභාත් පතිරණ මීට එක්වී ඇත.
සංගීතය රවිහාන් වැටකේපතගෙන් ද ගායනය කසුන් කල්හාරගෙන් වන අතර පියවි’ විනිල් මැණික්. නිෂ්පාදනයකි.
චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය. බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා ද ඊට සහභාගි විය. ඔහු දෙසට හැරුණු ඇමැති මෙසේ කීවේය. ”මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත්‍රං පළඳින්නේ ඒ නිසායි. කාංචන කුමාර ආරියදාස lankadeepa
සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ "සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) "මලී" (දෙරණ) සහ "භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟපාන චරිත නිසායග මේ නිසාම තාරුණ්‍යයේ නළුවන් අතර සිටින අද වඩාත් කතා බහට ලක්වෙන චරිතයක් ලෙස සංකේත් නම් කරන්න පුළුවනි. ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත්ගේ අයියා ජනිත් වික්‍රමගේ බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ පවුලේ හැඩකාරයා වන සංකේත් සමග අපි කතා බහට එක්වෙමු. සංකේත් අද දවස කොහොමද? අවුරුදු දවස්වල පවුලේ අය එක්ක සෑහෙන කාලයකට පසුව එකට ඉන්න ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. අපි හතර දෙනාම කාර්යබහුලයි. වෙලාවකට හිතෙන්නේ හැමදාම අවුරැදු එනවා නම් හොඳයි කියලයිග අපි ගෙදර ඉන්න මොහොතේ අම්මා අපට කෑම හදලා දෙනවා. අම්මගෙ ලොකුම සතුට තාත්තටයි අයියටයි මටයි ඉතා රසට කෑම හදලා දෙන එකයි. හතරදෙනාම රඟපෑම් කිරීම ගැන හිතන්නේ කොහොමද? හොඳ දෙයක්. පවුලම එකම කාර්යයක නිරතවීම. එක අතකට භාග්‍යයක්. ඒත් එක්තරා අවස්ථාවක අයියටයි - මටයි චෝදනාවක් තිබුණා අම්මා - තාත්තා නිසා අපි කලාවට ආවා කියන එක. ඒක ඇත්තටම වාසනාවක්. ඒත් වාසනාව විතරක් මදි. දක්ෂතාවයක් තිබෙන්න ඕනෑ. දෙමාපියන්ට අවශ්‍ය වුණේ නැද්ද ඔය දෙන්නා වෙනත් ක්ෂේත්රයකට යොමු කරවන්න? අපට කවදාවක් බල කළේ නැහැ. නිතරම ක්ෂේත්රයේ හොඳ නරක කියා දුන්නා. ඒ අතරේ අපට කැමති මාර්ගය සොයා යන්න ඉඩ දුන්නා. ඔය හතර දෙනාගෙන් රඟපෑම සඳහා වැඩිපුරම අය කරන්නෙ කවුද? කතා දෙකක් නැහැ. ඒ තාත්තා. එයාගෙ දක්ෂතාවයට තවම අපට කිට්ටු කරන්නවත් බැහැ. මම අපේ තාත්තා නිසා කියනවා නෙවෙයි. අපේ තාත්තාට තරම් විවිධ චරිත රඟපෑමේ දක්ෂතාවය ඇති කෙනෙක් මම අපේ කාලයේදී දැකලා නැහැ. තාත්තගෙ ඒ දක්ෂතාවයට මම ඉහළින්ම ගරු කරනවා. කවුද වැඩිපුර ආඩම්බර? අපි කවුරුත් ආඩම්බර නැහැ. අම්මයි - තාත්තයි සමාජයට බෙහෙවින් ගරු කරන අයග අපි යටහත් - පහත්ව ඉන්න ඕනෑ කියන දේ නිතර අපට කියා දුන්නාග ඒ දෙන්නා නොසැලී මහා පර්වත මෙන් මේ දක්වා කටයුතු කරන්නෙ. ඒ සමාජ ගරුත්වය නිසයි. එය නිරන්තරයෙන්ම අපට ආ දෙයක්. ඇත්ත කියන්න ගැහැනු ළමුන්ගේ වැඩිපුර ආකර්ෂණය ඔයාටද? අයියටද? අයියට වෙන්න ඇති. ඔය ඇත්තද කියන්නේ? මම හිතන්නේ ප්‍රේක්ෂකයින් අපේ පවුලේ වැඩිපුරම ආදරේ අපේ තාත්තටයි. ඔබට සිංදු කියන්නත් පුළුවන් නේද? බැරිකමක් නැහැ. අයියා සහ ඔබට මොනවද අත්හරින්න බැරි පුරුදු? අපේ අයියා සල්මන් ඛාන්ට බොහෝම ප්‍රියයි. ඔහුට විරුද්ධව අපි කතා කළොත් එහෙම ඔහු වහාම පෙනී සිටිනවා. ඔන්න ඔය පුරුද්ද අත් හැරියොත් හොඳයි කියලා තමයි මගෙ හිත කියන්නේ. (හිනා) රඟපෑමේදී පෙම්වතියගේ චරිතය සඳහා අයියට වඩාත් ගැළපෙන චරිතය ලෙස ඔබ තෝරන්නේ? බොහෝ අය සුදුසුයිග ඒ අතරින් නෙහාරා වඩාත් ගැළපෙන බව මගේ හැඟීමයි. තාත්තගෙ නරකම පුරැද්ද මොකක්ද? ඇත්තටම අපේ තාත්තාගෙ නරක පුරුද්දක් නැහැ. හරිම හොඳ කෙනෙක්. මොනතරම් කාර්යබහුල වුණත්, තාත්තා නින්දට යන්න පෙර මොනවා හරි කියලා අපව සතුටු කරවනවා. ඔබ කවුද? මොනවගේද කියලා කිව්වොත්? වැඩක් හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්. අවබෝධයෙන් වැඩ කරමින් ගෞරවය රුකගන්න කැමති කෙනෙක්. කවුද ඔබගේ මිතුරිය (රඟපෑමේදී) මේ දිනවල රඟපෑමේදී ශලනිල සමාධි අරුණිඡායා සහ කාංචනා අක්කා විශේෂිත සහයෝගයක් දක්වනවා. මේ තුන්දෙනාගෙන් පෙම්වතිය ලෙස යෝජනාවක් ආවොත්ල ඔබ කවුදු භාරගන්නේ? අම්මේ...... මම තවම නිදහස් කුරුල්ලෙක්. රඟපෑමේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ කවුරුත් ඉතා හොඳ යෙහෙළියන්. ඔබගේ හිතේ ඇඳුණු රුව මොන වගේද? ගොඩක් සරල ආඩම්බර නැති, ලංකාවේ ගතියට ගැළපෙන විදියට ජීවත්වන කෙනෙකුට තමයි කැමති. එයාගෙ වත් පොහොසත්කම් මම අගයන්නෙ නැහැ. ඉදිරි ජීවිතය ගැන හිතන්නේ කොහොමද? විවිධාංග චරිත රඟපාන ශිල්පියකු ලෙස කටයුතු කරන්න ආසයි. සල්ලිකාර පවුලක චරිතයකට වඩා ගැමි දුප්පත් ස්වරුපය රුගත් චරිත රඟපාන්න කැමතියි.සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
බහරේන් හි අම්බතූර් ක්ලෝතීන් ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලාංකිකයෝ අට සියයකට ආසන්න පිරිසක් තොරණ හා වෙසක් සැරැසිලි ඉදිකැර ධර්ම දේශනා සංවිධානය කැර වෙසක් සැමරූහ. පාලනාධිකාරියේ සියලුම විදේශිකයෝ මේ උත්සවයට සහාය දැක්වූහ.ඔවුන්ගේ නේවාසිකාගාර පරිශ්‍ර යේ දී රණස්ගල්ලේ ඤණවීර හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වූහ