තමාට දේශපාලනය ගැන ඇත්තේ අඩු දැනුමක් බවත්” ඒ බව රටට හෙළි වුණ දෙරණ 360 වැඩසටහනෙන් පසු දින 03 ක් යනතුරු කිසිම කෙනෙකුට මුහුණ නොදී සැ`ගවී සිටි බවත් උපේක්ෂා ස්වර්ණමාලි(පබා* අද දෙරණ නාලිකාව සමගම පැවති තවත් සම්මුඛ සාකච්ඡුාවකදී පවසා තිබෙනවා
මෙහිදී තමාගේ නොදැනුවත්කම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින උපේක්ෂා ඉදිරි මාස 6 දී දැනුම දියුණු කර ගැනීමට උත්සාහ දරන බවද කියා ඇත’ කෙසේ වෙතත් දේශපාලනයට අවශ්‍ය දැනුම නොව හොඳ හදවත තමා සතු බව කියන ඇය ජනතාවට වැරදි කරන දේශපාලනයක තමා නිරත නොවන බවද කියා සිටින්නීය’
තමා මුහුණ පා ඇති දැවැන්තම අභියෝගය දේශපාලනය කරද්දී මාධ්‍යය සමග ගනුදෙනු කිරීම බවද ඇය කියා සිටී.
ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක වන සමනලී ෆොන්සේකාගේ විවාහ උත්සවය පසුගිය 21 වනදා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වුණා’ ඇය අතගත්තේ ගයාන් ලක්රුවන් සමගය’ඔවුන් මුණගැසී තිබෙන්නේ” මින් වසර හතරකට ඉහත ටෙලිනාට්‍යයක ර`ගපාන්නට ගිය අවස්ථාවකදීය’ පසුගිය කාලයේ මොවුන් දෙදෙනම ඕස්ටේරලියාවේ පදිංචිවී සිටි අතර විවාහයෙන් පසු නැවත එහි යන බවත් ර`ගපෑමෙන් ඉවත් නොවන බවත් ඇය පවසා ඇත’
ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා සමනලීගේ නැන්දනියයි’
මුත්තයියා මුරලිදරන් ලොව ටෙස්ට් කඩුළු 800 ක් දවාගත් පළමු ටෙස්ට් කි‍්‍රකට් පන්දුයවන්නා බවට පත්වෙමින් ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය අමරණීය තරඟයක් බවට පත් කර ගත්තේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය (22* ඉන්දීය ක්‍රීඩක පී.පී. ඕජා දවාලමින් මෙම දස්කම දැක්වූ ලොව පළමුවැනියා ලෙස කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.
ටෙස්ට් තරඟ 3 කින් යුත් ශ්‍රී ලංකා - ඉන්දියා ටේස්ට් තරඟාවලියට ප්‍රථම මුරලිදරන් ටෙස්ට් තරඟ වලින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර ඒ වන විට ඔහු ටෙස්ට් තරඟ 132 කදී කඩුළු 792 ක් දවා කඩුළු 800 ඉලක්කය සඳහා තවත් කඩුළු 8 ක් පසුපසින් සිටියේය.
සිය අවසන් තරගයේ අවසන් දිනයේදී ඔහු තම සිහිනය සැබෑ කර ගත්තේ ය. සිය අට සිය වැනි කඩුල්ල ලෙස මුරලි දවාගත්තේ ප්රග්යාන් ඔජාගේ කඩුල්ලයි. මහේල ජයර්ධන මුරලිගේ පන්දු වලින් ලබා ගත් 77 වෙනි උඩ පන්දුව වුයේ එයයි. එකම පන්දු යවන්නෙකුගේ උඩ පන්දු 77 ක් එකම ක්‍රීඩකයෙකු ලබා ගැනීමද ලෝක වාර්තාවකි.
ටෙලි නාට්‍ය නිළි සහ ප්‍රකට නිරූපණ ශිල්පිණි අනුෂා රාජපක්ෂ සිය පුද්ගලික තොරතුරු කිහිපයක් මෙවර ඉරිදා රිවිර පුවත්පතට පවසා තිබෙනවා’ඉන් කොටසක් මෙසේය’
ඔබ නයිට් ක්ලබ්ස් යනවද?
ඉඳල හිටල ඒ කියන්නෙ මාසෙකට සැරයක් විතර
ජිම් එකට කොච්චර ගිහින් තියද?
ඉස්සර ගිහින් තියනවා’ කෙට්ටු වෙන නිසා දැන් යන්නෙ නෑ’
කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
කීප දෙනෙකුටම ආදරේ කළා ඒ අතරින් දෙන්නෙකුට අවංකවම ආදරේ කළා”නමුත් නොගැළපීම නිසා වෙන්වුණා’
හොයන්නෙ කොයි වගේ කෙනෙක්ද?
මාවත් මගේ ක්ෂෙත්රයත් තේරුම් ගත්ත විශේෂයෙන් කට කතා විශ්වාස නොකරන කෙනෙක්’
අනුෂාට කවුරුහරි අයුතු යෝජනා කරලා තියනවද?
ඔව් ගොඩක්’ නමුත් මම ඒවාට අනුබල දුන්නෙ නෑ’ සමහර ටෙලි නාට්‍ය අධ්යක්ෂවරු මට කිව්වා ප්‍රධාන චරිතය දෙන්නම් කැමති වෙන්න කියලා’ එහෙම වුණා නම් අද මමත් ජනප්‍රිය නිළියක්’Anusha Rajapaksha More Photos
ජුලි 15- එප්පාවලල සදරැස්ගම ප්‍රදේශයේ දී ඝාතනය කර තිබු එකම පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සදරැස්ගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණිග
ඒ අතර අදාළ ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබ
පොලීසිය සදහන් කළේල එම නිවස අනුරාධපුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී දනන්ජය වෛද්‍යරත්න මහතාගේ පරීක්ෂණයට යළි ලක්කරන තුරු පොලිස් රැකවරණ මත මුද්‍රා තබා ඇති බවයග
සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන තරුණයා අත්අඩංගුවට ගැනීම සදහා ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකුගෙන්ද පොලීසිය අද ප්‍රශ්න කර තිබේග
සිව් පුද්ගල ඝාතනයෙන් පසු පලාගිය සැකකරුගේ බවට සැකකෙරන සදගිරිවැව ආසන්නයේ තිබී පොලිස් සුනඛයින් විසින් සොයා ගත් ලේ පැල්ලම් සහිත ඩෙනිම් කලිසම රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු යොදා ඇතැයිලපොලීසීය පැවසීයග
ජුලි 15-බර ඉසිලීමේ ක්‍රීඩිකා නදිනි ගුණසේකරට වසර 2ක තරග තහනමක් පැනවීමට ජාතික තහනම් උත්තේජක කමිටුව අද තීරණය කළේයග
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇයට එරෙහි තරග තහනම පිළිබද තීරණය ප්‍රකාශයට පත් කෙරිණි
නදිනි තහනම් උත්තේජක ගත් බවට තහවුරු වුයේල ජාත්‍යන්තර තරගාවලියක් සදහා කණ්ඩායම් තෝරා ගැනීමට පැවති පුහුණු තරගයකදීයග
බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ජාතික ශූරිය වන නදිනි ගුණසේකර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා සිටියාය.
lanka gossif alart
ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධානය සියල්ලක්ම නැවත ලියාපදිංචි විය යුතු බව පසුගියදා පැවැති ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී තීරණයක් ගෙන ඇතැයි වාර්තාවේ.
උතුරේ යුද්ධයත් සමඟ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සේවා කටයුතු ගැන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ අතර, ඇතැම් සංවිධානවල කි‍්‍රයාකාරීත්වය ගැන සමහර ඇමැතිවරුන් විවෘතවම විවේචන එල්ල කළේය.
ආරක්ෂක මන්ඩලය ගත් මේ තීරණයට අනුව රාජ්‍ය නොවන සංවිධාන නැවත ලියාපදිංචි කිරීමේදි ආණ්ඩුව අකමැති සමහර සංවිධාන ලියාපදිංචි නොකිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු ගැන සෙවීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු කමිටුවක් ද පත් කළ අතර, එහි අතුරු වාර්තා කීපයක් ම රජයට බාරදී තිබේ.
වසර 30 ක් තිස්සේ එල්ටීටීඊය විසින් අල්ලාගෙන තිබූ කිලිනොච්චියේ ගොඩනැගිල්ලක ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී, රාජ්‍ය නොවන සංවිධාන ගැන විශේෂ සඳහනක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නොවන සංවිධානවලට මේ රට පාලනය කිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව කටයුතු කරන බවත්, තමා ඊට කිසිසේත් ඉඩනොදෙන බවත් ජනාධිපතිවරයා කිලිනොච්චියේදී පවසා ඇත.
සමහර රාජ්‍ය නොවන සංවිධාන විදේශවලට ගොස් මේ රටට එරෙහිව විවිධ ප්‍රචාර ගෙන යන බවද පවසා ඇති ජනාධිපතිවරයා කිලිනොච්චි මාර්ගය දෙපස වහළවල් නැති ගොඩනැගිලි දැක ඒවා ඉතිරි කර තිබෙන්නේ තමාට දැක බලා ගැනීමටදැයි ප්‍රශ්න කොට තිබේ.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වහලවල් නොමැති මෙම ගොඩනැගිලිවල ඡුායාරූප ගෙන ඒවා පිටරටවලට යවා ලක්ෂ ගණන් මුදල් උපයා ගැනීමට කටයුතු කළ හැකි බැවින් එම ගොඩනැගිලිවල වහල කඩිනමින් ඉදිකරන ලෙස නිලධාරින්ට උපදෙස් දී ඇත.
රජයේ බුද්ධි අංශ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු හා ඒවායේ සිටින විදේශිකයින් ගැන නිරන්තර සෝදිසියක සිටින අතර, බුද්ධි අංශ වාර්තා අනුව ඇතැම් සංවිධානවල නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කොට තිබේ. ඇතැම් අයට මෙරට රැුඳී සිටීම සඳහා වීසා අලූත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. පසුගියදා අවිහිංසාවාදී සාම බලකායේ නිලධාරීන් දෙදෙනකුගේ වීසා අලූත් නොකළ අතර, ඔවුනට ආපසු යාමට සිදුවිය. ඒ දෙදෙනාට වීසා අලූත් නොකළේ බුද්ධි අංශවල වාර්තාවලට අනුව බව ආගමන විගමන අධ්යක්ෂ ජෙනරාල්වරයාත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාත් ප්‍රකාශ කොට තිබිණ.
උතුරු-නැගෙනහිර අධි ආරක්ෂක කලාප හා හමුදා කඳවුරු පිහිටුවා ඇති ඉඩම්වලට නීත්‍යානුකූල ඔප්පු තිබුනත්, එම ඉඩම් නැවත අයිතිකරුවන්ට ලබානොදෙන බව, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රටකට අධිආරක්ෂක කලාප අනිවාර්ය බවත්, අධිආරක්ෂක කලාප හා හමුදා කඳවුරු පිහිටුවා ඇති ඉඩම්වල අයිතිය කාට තිබුණත් වැදගත් වන්නේ රටේ ආරක්ෂාව බව කී රඹුක්වැල්ල මහතා උතුරු නැගෙනහිර බහුතරයක් ඉඩම්වල අයිතිය තිබෙන්නේ එහි ජනතාවට නොව රජයට බවත් කීවේය.
රඹුක්වැල්ල මහතා එසේ කීවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (15* පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවේදීය. ආණ්ඩුව අවතැන් කඳවුරුවල ජනයා නැවත පදිංචි කරනවා කියා තාවකාලික ඉඩම්වල නැවත අනාථ කර ඇතැයි උතුරේ ධීවර ජනයා සහ සාමාන්‍ය ජනයා පවසන බවත්, උතුරේ ජනයාගේ ඉඩම්වල පිහිටුවා ඇති අධිආරක්ෂක කලාප ඉවත් කර ඒ ඉඩම් නැවත එම ජනතාවට ලබානොදෙන්නේ මන්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
ඇමරිකාව තමන්ගේ රටෙන් පිට දකුණු කොරියානු ජනතාවගේද විරෝධය නොතකා අධි ආරක්ෂක කලාප පවත්වාගෙන යන බව කී රඹුක්වැල්ල මහතා උතුරු-නැගෙනහිර අවුරුදු 30 ක් පැවැති ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළත්, එවැනි තත්ත්වයන් නැවත ඒම වැළැක්වීමට නම් අධිආරක්ෂක කලාපවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් පෙන්වා දුන්නේය.
උතුරු නැගෙනහිර දෙමළ ජනයා වසර 30 ක අරගලයක් ගෙන ගියේ ඉඩම්, භාෂා, සංස්කෘතික, දේශපාලන හා සමාජ ප්‍රශ්න මුල්කර ගෙන බවත්, යුද්ධය අවසානයේ රජය ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑමෙන් නැවත යුද්ධයක් ඇතිවිය නොහැකිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල මහතා මෙසේ කීය.
රජයේ ඉඩම් කොල්ල කන්න නම් ඔවුන්ට ඉඩම් තිබිය යුතුයි. ඉඩම්වල අයිතිය තිබෙන්නේ රජයටයි. අද ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම් නොවෙයි. අපි ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පසුබිමක් සකස් කළ යුතුයි. රජය සංචාරක කටයුතු සඳහා කල්පිටිය ප්‍රදේශයේ අක්කර 5700 ක් වෙන්කරලා තියෙනවා. ඒවා රජයේ ඉඩම්, ඒ ඉඩම්වල මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා කියලා සංවර්ධන කටයුතු නතර කරන්න පුළුවන්කමක් නැහැ. ඒ අය කැමැති වුනත් නැතත් රජයට සංවර්ධන කටයුතු කරන්න වෙනවා.
නැවත කැරැුල්ලක් ඇති වන්නේ උතුරේ ජනතාවට කන්න නැති වුනොත්, සල්ලි නැති වුනොත්, ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් නැති වුනොත්. එවැනි තත්ත්වයක් නැවත ඇති වන්නේ නැතැයි ඇමැතිවරයා කීය.
-ශාන්ත විජේසූරිය-
සෞඛ්‍ය ක්ෂේත්රය හැරුණු විට රටේ වඩාත්ම කතා බහට ලක්වන ක්ෂේත්රය අධ්‍යාපන ක්ෂේත්රයයිග එමෙන්ම අන්තයටම පිරිහිණු ක්ෂේත්‍රයත් අධ්‍යාපන ක්ෂේත්රයයිග එසේ වීමට අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් බලපෑවදල මෙරටේ එක තැන පල් වෙවී තිබෙන ටියුෂන් කලාවත් එක් හේතු සාධකයක් වූ බව ඉඳුරාම කිවයුතුයග
අද ටියුෂන් පන්ති විලාසිතාවක් බවට පත්ව ඇතග අසල්වැසි නිවසේ ළමයා සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරමින් ටියුෂන් යන විට තම දරුවා පෙර පාසලේ සිටියත් ටියුෂන් යෑවීමට මව්වරු කටයුතු කරතිග පෙර පාසල් ළමයින්ට මොන ටියුෂන්ද? අවසානයේ තම හයක් හතරක් නොතේරෙන දරුවා සතියකට දින තුන හතරක් නැටුම් පන්තියකට හෝ යෑවීමට මව කටයුතු කරයිග ඒ ළමයාට නැටුම් උගැන්වීමටම පමණක්ම නොව අම්මාට විනෝද වීමට ද අවස්ථාව සලසා ගැනීමේ පරමාර්ථයෙනිග අද එවන් අම්මලාගෙන් සමාජය පිරී ඇතග ළමයින් පන්තියකට ගාල් කරන සමහර අම්මලා අනෙක් අම්මලා සමඟ නිවසේ අඩුපාඩු ගැන කතා කරතිග නැතහොත් ෂොපින් යතිග එහෙමත් නැති නම් අම්මා කියන උත්තරීතර නාමයට නිග්‍රහ කරමින් තම අනියම් පෙම්වතා සමග පෙම් සුව විඳීමට හෝටල් කාමරයකට රිංගයිග ළමයාගේ නැටුම් අධ්‍යාපනය කෙසේ වෙතත් ඒ අම්මලා නම් හොඳ නැටුමක් නටයිග
මවයි නිවසේ පරිපාලකයාග ඇය එසේ අවකල් ක්‍රියාවල යෙදෙන විට නිවසේ දෛනික කටයුතු සියල්ලම ඇන හිටීල මවගෙන් දරුවන්ට විය යුතු යුතුකම් දල බිරිඳගෙන් ස්වාමියාට ඉටු විය යුතු යුතුකම් ද මඟහැරී යයිග අනතුරුව නිරන්තරයෙන් නිවස තුළින් අඩදබර ඇසෙන්නට පටන් ගනීග අවසානයේ තම සුන්දර කැදැල්ල සුළි සුළඟට හසු වූ කුරුළු කූඩුවක් සේ සී සීකඩ යන අවස්ථා ද අප සමාජයේ කොතෙක්ද කියා කිව නොහැකි තරම්යග
කුඩා කල සිටම එවැනි අම්මලාගේ අශ්ලීල ගති පැවතුම් ආදර්ශයට ගන්නා දූවරු උස් මහත් වී වැඩි වියට පත් වූ පසු තම මවගේ අඩි පාරටම වැටෙන අවස්ථා ද නැතුවාම නොවෙයිග දින හතම ටියුෂන් යන තම දියණිය පන්තියට යන්නේ දින දෙකල තුනකිග ඉතුරු දින ටික ඇයගේ විනෝද ගමන් සඳහා පාවිච්චි කිරීමට බොහෝ ටියුෂන් යන තරුණ ගැහැණු ළමයින් කටයුතු කරයිග
සති අන්ත දිනවල බහුලව පන්ති පැවැත්වෙන නගරයකට ගිය විට එය හොඳින් පසක් වෙයිග කිරි සුවඳ හමන මුවින් පෙම් බස් දොඩන කුරුළු ජෝඩු වන් පෙම්වතුන් පාර තොටේල මගී බස්වල කොතෙක්ද කියා කිව නොහැකග ඊට එහා ගිය හිරි මල් වියේ පෙම්වතුන්ගෙන් ද සිනමාශාලාල හෝටල් කාමර හවුස් ෆුල් වන බවත් කිව යුතුයග මෙහි අවසන් ප්‍රතිඵලය වැඩිදුර අධ්‍යාපනයට තිත තබා යුග දිවියට පිවිසීම බවත් අවධාරණයෙන් කිව යුතුයග තවත් පිරිසක් නරක ආශ්‍රයට වැටී ගංජා උරන්නන්ල කුඩු උරන්නන් බවට පත් වෙයිග අවසානයේ පොලිස් කූඩුවල ලගිමින් හැදූ වැඩූ දෙමාපියන්ගේ දෙනෙත් කඳුලින් පුරවමින් තම අධ්‍යාපනය හමාර කරතිග එතැනින් නොනවතින ඔවුහු සමාජයේ විවිධ අවකල් ක්‍රියාවල යෙදෙමින් සමාජ පිළිල බවට පත්වෙතිග
ටියුෂන් මාස්ටර්ලා ළමයි පන්තියට එනවාද නැද්ද කියා සොයා බලන්නේ ද නැතග ළමයි පන්ති මගහැරියා කියා දඬුවම් දෙන්නේ ද නැතග ඔවුන්ට අවශ්‍ය මාසේ අන්තිමට පන්ති ගාස්තුව පමණිග ,උඔ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගනිංග නැත්නම් නිකං හිටපන්ග මගේ වැඩේ මම කරනවා, අද ටියුෂන් සර්ගේ මතය වී ඇත්තේ එයයිග ටියුෂන් ගුරුවරුන්ගේ මෙවන් ආකල්පදල ගති පැවතුම් ද අප රටේ අධ්‍යාපනය අගාධයට ඇද දැමීමට හේතු සාධක වූ බව ද නොකියාම බැරියග
හැම සිසුවාම තම දරුවන් සේ සිතා ගුරුහරුකම් ලබාදෙන සත්ගුණවත් බුද්ධිමත් ටියුෂන් ගුරුභවතුන් ද අප සමාජයේ සිටිතිග ඔවුන්වද සමාජයේ මතු වී නොපෙනෙන්නේ බහුතරයක් ටියුෂන් ගුරුවරු හොරුල බොරුකාරයින්ල වංචාකාරයින් ලෙස හංවඩු ගැසී ඇති බැවිනිග ඔවුන් ගුරු වෘත්තිය මුදලට පාවා දී ඇතග ගුරු ශිෂ්‍ය සම්බන්ධය නැති වී යැමට එක් හේතුවක් වී ඇත්තේ ද මෙවැනි ටියුෂන් ගුරුවරුන්ගේ නරක පූර්වාදර්ශයයිග
මේ අප ඔබට ගෙන හැර පෑවේ ටියුෂන් අධ්‍යාපනයේ අයහපත් ප්‍රතිඵල පමණිග වර්තමානයේ බොහෝ ළමුන් මෙන්ම දෙමාපියෝද පවසන්නේ උපකාරක පන්තියකට සම්බන්ධ නොවී විභාග සමත් වීමට නොහැකි බවයිග අපි ද එය හිස් මුදුනින්ම පිළිගනිමුග රටේ පාසල් පද්ධතිය හෝඩියට වැටී ඇති මෙවන් යුගයක තම ළමයාට අවශ්‍ය නිසි අධ්‍යාපනය පාසලෙන් නොලැබෙන විට දෙමාපියන් ළමයින්ව ටියුෂන් යෑවීමට කටයුතු කරයිග එසේ නම් ටියුෂන් පන්තියත් නොමැති වුණොත් මෙරටේ අධ්‍යාපනයට දෙයියන්ගේම පිහිටයිගෘ
පළමු වසරේ සිට ළමයින් උපකාරක පන්තිවලට යොමු කරන දෙමාපියන්ගෙන් යමෙකු ඇසුවොත් ,ඇයි මේ ළමයාව දැන්ම ඉඳලා ටියුෂන් යවන්නේ කියලා, ඔවුන් පවසන්නේ ,අනේ බලන්නකෝ අපේ දුවගේ පන්ති භාර ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ගිහිල්ලා නිසා පාසලේ මේ දිනවල මොනවත් උගන්වන්නේ නැහැග, එය අද සමාජයේ නිරන්තරයෙන් ඇසෙන කතායග එසේ නම් ළමයාව ටියුෂන්වලට යොමු කරන්නේ පාසලෙන්ම බව විවාදයක් නැතග
සමස්ත අධ්‍යාපන ක්රියාවලියෙහි හදවත වන්නේ පාසලයිග අද අන්තයටම පිරිහී ඇත්තේ ද පාසලයිග පසුගිය දිනක ආඬිගමල පුනපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 8 වසර සිසුවකු තම පාසලේම මිතුරකුගේ ගෙල මිරිකා මරා දැමීමේ පුවතක් අසන්න ලැබුණේ හදවත් කම්පා කරමින්යග එවැනි ඝාතන වර්තමාන සමාජයෙන් නිරන්තරයෙන් ඇසුණදල විශ්වවිද්‍යාල තුළ සිසු ඝාතන සිදු වුවද අද වන විට පාසල් පන්ති කාමරය තුළත් මනුෂ්‍ය ඝාතන සිදු වන තත්ත්වයට පාසල් පද්ධතියත් පිරිහී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුමයග
අද ඇතැම් ළමුන් පාසලට යන්නේ ඉගෙන ගන්නට නොව විනෝද වන්නටයග ඒ අතරේ සමහරු විවිධාකාර අවකල් ක්‍රියාවල යෙදෙතිග පන්ති මඟහරින කුඩා ළමුන් මනස විකෘති කරගැනීම සඳහා විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරතිග කෙසේ වෙතත් අද වන විට ඇතැම් පාසල් සිසුවියන් මත් පැන් පාසලට ගෙන ගොස් පානය කරන තත්ත්වයට පාසල් පද්ධතිය විනාශ මුඛයටම ඇද වැටී ඇතග ප්‍රේම ජවනිකා රඟපාන පෙම්වතුන්ද පාසල් පන්ති කාමරය අරක්ගෙනයග කෙසේ වෙතත් ඊට එහා ගිය අවකල් ක්‍රියා ද පන්ති කාමර තුළ සිදු නොවෙනවා නොවෙයිග
දහම් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් සලසාදීම උදෙසා ඉරිදා දිනයන්හි පෙරවරුවේ සහ පොහොය දිනය මුළුල්ලේ අමතර උපකාරක පංති පැවැත්වීම අත්හිටුවීමේ නීතියක් ස්ථාපිත කිරීමට සබරගමු පළාත් සභාවත් මාතර දිස්ත්‍රික්කයත් තීරණයකට එළැඹ ඇතග ඉදිරියට සියලු පළාත් සභාවල මෙම තහනම ක්‍රියාත්මක කරයි කියා අපි විශ්වාස කරමුග ප්‍රමාදවී හෝ එසේ කළහොත් පළාත් මහ ඇමැතිවරුන් ගෙන තිබෙන කාලෝචිතම වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්විය හැකග
සමාජ හිතකාමී දිවි පැවැත්මේ අගයල සුන්දරත්වයල අපට වටහා දෙන්නේ ආගම දහමිනිග එහෙයින් ඒ සඳහා දහම් අධ්‍යාපනය අනිවාර්යය අවශ්යතාවක්ග සතියකට එක දිනක් හැදෙන වැඩෙන වයසේ දරුවන්ට පන්සල ඇසුරේ කාලය ගත කිරීමට ඉඩ ලබාදීම ඔවුන්ගේ සමාජානුයෝජන ක්‍රියාවලියටද ඉතා වැදගත් බව නිසැකයග ආගමේ වැදගත්ම කාර්යය වන්නේ මානව දයාව සංවේදී බව මිනිසුන් තුළ ඇතිකිරීමයිග එසේ නම් ළමයින් දහම් අධ්‍යාපනයට යොමු කිරීමෙන් පිරිහී යන අපේ සමාජය යම් තාක් දුරකට හෝ යහපත් කිරීමට පිළියම් සෙවිය හැකග සෑම පාසලක්ම පන්සලක් කළ නොහැකි වුවත් සතියකට එක් දිනක් හෝ ළමයින් පන්සලට හුරු කිරීම යහපත්යග පෝය දිනවලට දානල ශීලල භාවනා වැඩසටහන්වලට යොමු කිරීමද යහපත් වැඩපිළිවෙළකිග එතුළින් ළයින්ගේ ඔළු ගෙඩි තුළ තිබෙන අශ්ලීල සිතුවිලි නැති වී යහපත් සිතුවිලි තුළින් මනස සංවර්ධනය වනු ඇතග ශිෂ්ටසම්පන්න සදාචාරවත් දරු පරපුරක් අනාගතයේ බිහි වන්නේ එසේ කළහොත් පමණිග
කෙසේ වුවත් ඉරිදා පෙරවරුවේ හා පෝය දින ටියුෂන් තහනම් කර දහම් අධ්‍යාපනයට යොමු කළ පමණින්ම සුචරිතවත් සදාචාරාත්මක සමාජයක් බිහි නොවන බවත් වගකිවයුත්තෝ අවධානයට ගත යුතුයග දරුවකු ඉරිදා දින දහම් පාසලට නොයැමටත් පෝය දිනට සිල් සමාදන් වීමට පන්සලට නොයැමටත් හේතුව ටියුෂන් පන්තියම නොව ඊට එහා ගිය හේතු සාධක ද ඇති බවත් නීති පනවන්නන්ට මතක් කර දිය යුතුයග එමෙන්ම ඉරිදා පෙරවරුවේ හා පෝය දින දහම් අධ්‍යාපනය ලබාදී ළමයින්ගේ මනස සංවර්ධනය කළ පමණින්ම පිරිහීමට ලක් වූ අධ්‍යාපන පද්ධතිය ගොඩගැනීමට නොහැකි බවත් අධ්‍යාපන බලධාරීන්ට මතක් කර දිය යුතුයග සිදුකළ යුත්තේ යල්පැන ගිය අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කර නව ප්‍රතිපත්ති හඳුන්වාදීමයග
ඇතැම් විදෙස් රටවල පාසල් උදේ 08 ට ආරම්භ කළ විට අවසන් වන්නේ් සවස 4 ට යග එහෙත් එම රටවල ගුරුවරු ඊට එරෙහිව උද්ඝෝෂණ පවත්වන්නේ ද නැතග වැටුප් වර්ධක ඉල්ලන්නේ ද නැතග ඔවුන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය නිසියාකාරව ඉටු කරතිග අපේ රටට එවැනි අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමට කාලය එළැඹ ඇති බව පසක් කර දිය යුතුයග එසේ කළහොත් ඉරිදා පෙරවරුවේ හා පෝය දින පමණක් නොව සම්පූර්ණයෙන්ම ටියුෂන්වලට වැට බැඳෙනු ඇතග
ඉරිදා දින හා පෝය දින උපකාරක පන්ති තහනම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම පොදු නීතියක් වුවද අන්තිමට නීතිය ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට පමණක් වීම කණගාටුව කරුණකිග ධනවතුන්ගේ දරුවන්ට පෝයදාටත් ගෙදර ඇවිත් ටියුෂන් ලබාදෙන්න ටියුෂන් මාස්ටර්ලා සිටිතිග එයට වැට බඳින්න කිසිම දේශපාලනඥයකු මෙරට නැතග අද සමාජයේ සිදු වී ඇත්තේද එයමයග සාමාන්‍ය ජනතාවට සහන සලසනවා කියා සුඛෝපභෝගී ජීවිත ගත කරන කෝටිපතියන්ට බදු සහන ලබා දීල සාමාන්‍ය ජනතාවට එදා වේල සරිකර ගත නොහැකි ලෙසට බඩු මිල අහස උසට නැග ඇති බව අපි දනිමුග
එසේ නම් ටියුෂන් තහනම මධ්‍යම පාන්තික දරුවන්ට පනවන තහනමක් පමණක් වෙයිද? එසේ නොවී සියලු තරාතිරම්වල ජනතාවට පොදුවේ නීතිය ක්‍රියාත්මක වුවහොත් යහපත් ප්‍රතිඵල අත්වනු නොඅනුමානයග තරංග රත්නවීර
උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ඊයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයක් සහ නීති පීඨ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එහි ගිය අවස්ථාවේ සිසුන් දැක්වූ විරෝධතාවයක් නිසා කලබලයක් ඇති විය.සිසුහු නිදහස් අධ්‍යාපනයේ මළගම යයි කියමින් විවෘත කිරීම් කළ ස්ථානයට මිනී පෙට්ටියක්ද ඔසවාගෙන විත් පුද්ගලික සරසවි ඇරඹීම පිළිබඳ විරෝධය පළ කළෝය.ඔවුනගේ අනෙක් විවේචනය වූයේ, ඊයේ විවෘත කළ පරිගණක විද්‍යාගාරය කලෙක පටන් පරිහරණය කරන එකක් බවත් එහි විවෘත කිරීමක් දැන් කිරීම ඇමතිවරයා ලකුණු දාගැනීමට කළ බොරුවක් බවත්ය.එමෙන්ම ඊයේ නීති පීඨ ගොඩනැගිල්ල විවෘත කළද එවැන්නක් ඇරඹීමට කිසිදු සූදානමක් සරසවියට නැති බවත් එය බෝඞ් ලෑල්ලක් පමණක් බවත් ඔවුහු කීහ.
ඇමති එස්.බී පැවසුවේ මේවා ජවිපෙ වැඩ බවත්,තවමත් ඔවුන් නොමග ගොස් සිතා සිටින්නේ සරසවි යනු රජයේ පාලනය නැති මුදා නොගත් ප්‍රදේශ ලෙස බවත්ය.
මේ අතර සිසුන්ගේ කලබලය එළියේ පවතින අතරතුර ප්‍රශ්න තිබේ නම් කතා කරන්න එන්න යයි ඇමතිවරයා පණිවිඩ යැවූ නමුත් සිසුන් ප්‍රතිචාර දැක්වූයේ හූ හඬින් සහ වාහනයට එල්ල කළ ගල් මුල් වලිනි.කෑකෝ ගැසීම් මැද්දේත් ඇමතිවරයා සිසුන් අතරට යන්නට උත්සාහ කළ අතර තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අලූත්ගමගේ එම කලබලයෙන් එස් බී බේරාගන්නට තැත් කළේ වාහනයට ඔහුව ඇදගෙන දොර වැසීමෙනි.
නිර්මාණයක් සාර්ථක වීම කෙරෙහි රංගන ශිල්පියකුගේ දායකත්වය බෙහෙවින් වැදගත්ය. තමන් දායක වෙන ඕනෑම චරිතයක් ඔස්සේ තම රංගන කුසලතාව මොනවට විදහා පෑ රංග ශිල්පියකු ලෙස ජගත් චමිල හැඳින්විය හැකිය. ඔහු කතා කරන සෑම වදනක් පාසාම ඇත්තේ රංගනය ගැන මෙන්ම සමාජය පිළිබඳව ඔහු දරන අදහස්ය.
ස්වයංජාත ටෙලි නාට්‍යයේ විභූතරත්න ලෙසත් වජිරපාති ටෙලි නාට්‍යයේ තිවංක හා රුවන් මාළිගා හි ලීඩර් යන චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණත්, රූගත කිරීම්වලට බාධාවක් නොවුණු බවයි ජගත් කියන්න
කලින් කල නාට්‍ය ටිකක් එකවර විකාශය වීම නිසයි නාට්‍ය තුන හතරක් ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන් වුණේ. රුවන් මාාළිගා ටෙලි නාට්‍යයේ කොටස් 50 ක් රූපගත කරලා තමයි අයිටීඑන් එකට බාර දුන්නේ. ස්වයංජාත ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් ළඟදී ඉවර කළා. නමුත් ස්වයංජාතවලට රුවන් මාළිගා ටෙලිනාට්‍යය ලොකු බාධාවක් වුණේ නැහැ. එකවර චරිත හතරක් කළා නෙමෙයි. එකක් කරලා ඉවර වෙලා තමයි අනික් ටෙලිනාට්‍යයේ වැඩ බාර ගත්තේ.
රවින්ද්‍ර විජේරත්න නිර්මාණය කළ ටෙලි නාට්‍ය කීපයක රඟපෑවත්, එ් හැම චරිතයක්ම එකිනෙකට වෙනස් බව ජගත් චමිලගේ හැඟීමයි.
නවකතාකරුවකුගේ නවකතා කීපයකම පාහේ එකම ලක්ෂණ තිබෙන්නට පුළුවන්. නමුත් කතාව සහ කතා රසය සහ තේමාව එකිනෙකට වෙනස්. එකම අධ්‍යක්ෂකවරයාගේ වුවත් චරිතවල ස්වභාවය වෙනස් වෙනවා. ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යයේ රිද්ම ගේ චරිතය අපි අපි වගේ ටෙලිනාට්‍යයේ සඳරු ගේ චරිතයට වෙනස්. එ් වගේම තමයි රුවන් මාළිගා ටෙලිනාට්‍යයේ ලීඩර්ගේ චරිතය රිද්ම හා සඳරුට වඩා වෙනස් මඟක් ගන්නවා.
සුදත් රෝහණගේ අධ්‍යක්ෂණයක් වූ ස්වයංජාත ටෙලිනාට්‍යයේ විභූතරත්න චරිතය නිසා ජගත් චමිලගේ රංගන දිවියේ තවත් පැතිකඩක් පේ්රක්ෂකයින්ට හඳුනාගන්න ලැබුණා.
විභූතරත්නගේ චරිතයට මුලින්ම වෙනත් නළුවන් කීපදෙනෙක් තමයි තෝරාගෙන හිටියේ. නමුත් ඔවුන්ට ඇතිවූ ප්‍රශ්න කීපයක් හරහා එ් අයට තවත් නළුවෙක් ගැන හිතන්න සිද්ධ වුණා. විශේෂයෙන් ජනක් පේ‍්‍රමලාල් මා ගැන සුදත් රෝහණට කියලා තිබුණ නිසා එ් චරිතයට මට ආරාධනා ලැබුණා. වේෂ නිරූපණ ශිල්පී නලින් පේ‍්‍රමතිලකට විශාල වගකීමක් පැවරුණා. විභූතරත්නගේ චරිතයට අවශ්‍ය වෙස්ගැනීම කළ හැඩතල වෙස්ගැන්වීම හරහා නිරූපණය කිරීමට විශේෂයෙන්ම මම සුදත් රෝහණට වගේම මේ අවස්ථාවේදී නලින් පේ්රමතිලකටත් ස්තුතිවන්ත වෙනවා.
පුංචි තිරයේ වගේම රිදී තිරය හරහාත් පේ්රක්ෂකයින්ව ග්‍රහණය කරගැනීමට ජගත්ට වාසනාව ලැබුණා.
මේ වෙද්දී මම චිත්‍රපට 10 කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. මුලින්ම විජය ධර්ම ශ්‍රීගේ ගුරු ගෙදර චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුණේ. ඉන්පසු ‘තනි තටුවෙන් පියාඹන්න, මේ මගේ සඳයි, අසනි වර්ෂා, උත්පල වණ්ණා, සුළග’ යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. වාණිජ චිත්‍රපට කියලා මම සම්බන්ධ වුණේ නීල් රූපසිංහ ගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයටයි. එහි මට තිබුණේ ඇන්තනී සී. පෙරේරාගේ චරිතයයි. ක්ෂේම භූමි, සැමීගේ කතාව හා ගාමිණී තිරගත වීමට නියමිත චිත්‍රපටයි.
ඇත්තටම මේ සෑම චිත්‍රපටයකටම පාහේ මට හොඳ පේ්රක්ෂක ප්‍රතිචාර ලැබුණා. එ් හැම එකක් ගැනම අතිශෝක්තියෙන් කතා කළත් නෙමෙයි. එ් වගේම කතා කළ යුතු නිසා මුහුණට පමණක් කතා කළ ඒවත් නෙමෙයි. ප්‍රතිචාර සියල්ලක් ගැනම සතුටු වෙනවා.
වේදිකාව තුළත් දස්කම් රැුසක් පෙන්වන්න ජගත් සමත් වෙලා තියෙනවා.
මම පාසල් යන කාලයේ ඉඳන්ම වේදිකාව තුළ දක්ෂතා දක්වලා තියෙනවා. එ් නිසාම සමස්ත ලංකා නාට්‍ය උළෙලේ හොඳම නළුවා දක්වා ජය අරගෙන තියෙනවා. ඉන්පසු 2005 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ දොන් ජුවන් ටෙලිනාට්‍යයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. වේදිකාව තුළින් ලැබෙන ආභාසය රංගනයට හුඟක් වැදගත් වෙනවා.
වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයේ යන මාධ්‍ය ත්‍රිත්වයම ජය ගත්තත් විශේෂයෙන්ම තමන් කැමති මාධ්‍යය වර්ග කිරීමක් කළ නොහැකි බව ජගත් පවසනවා.
මම හිතන්නේ මේ මාධ්‍ය තුන හරහාම මට යමක් කරන්න පුළුවන් කියලා. කැමතිම මාධ්‍යය මොකක්ද කියලා වර්ග කිරීමක් කරන්න මට බැහැ. වේදිකාව හා ටෙලිනාට්‍යවලත් මා සම්මාන පවා හිමිකරගෙන තිබෙනවා. එ් වගේම සිනමාව තුළත් සම්මාන ලැබූ අවස්ථා තිබෙනවා. මේ මාධ්‍ය තුනටම උපරිම කැපවීමෙන් යම් දෙයක් පේ්රක්ෂකයින්ට දියහැකියි යන විශ්වාසය 100% මා ළඟ තිබෙනවා. එ් අනුව මේ තුන් වර්ගයටම මම කැමැත්තක් දක්වනවා.
ජගත් චමිල මාධ්‍යවලට නිරාවරණය වෙන්නේ හුඟක් අඩුවෙනුයි.
මගේ පේ්රක්ෂකයින්ට යම් තරමක් අසාධාරණයක් මෙයින් වෙනවා කියලා මම දන්නවා. අපි කනබොන විදිහ අඳින පළඳින විදිහ දැනගන්න නෙමේ. සමාජය ගැන අපි මොනවගේ ආකල්පයක් දරනවාද කියලා දැනගන්න පේ්රක්ෂකයින් කැමතියි. සමාජයට මෙය අරගෙන යන්න සුදුසු මාධ්‍යයක් තියෙනවද කියලා යම් අවස්ථාවල සැක සහිතයි. නළුවෙක් විදිහට මාධ්‍යවලට නිරාවරණය නොවී ජීවත් වෙන්න අමාරුයි කියලා මම දන්නවා. ඒත් මගේ හිතට තෘප්තියක් නොලැබෙන හා හිතට එකඟ නොවන දේ කරන්න මම කැමති නැහැ.
අද රංගන ශිල්පියෙක් ලෙස පේ්රක්ෂකයින් හඳුනාගත්තත් ඉදිරියේදී නිර්මාණකරුවෙක් ලෙසිනුත් තමන් හඳුනාගැනීමේ ඉඩකඩ තිබෙන බවකුයි ජගත් චමිලගේ කතාවෙන් වැටහුනේ.
අද වෙද්දී හොඳ නිර්මාණ බිහිවන්නේ අඩුවෙනුයි. ඒනිසා මේ කලාව තුළ ලොකු අර්බුදයක් තිබෙනවා. අපි දැන් නිහඬව ඉන්නේ නැතුව මෙයට කුමක් හෝ කළ යුතුයි කියලා හිතනවා. එ් දෙයට මම සූදානමින් ඉන්නවා.
වෘත්තීය මට්ටමින් රංගන ශිල්පියෙකු නොවී කලා ක්ෂේත්රය තුළ රැුඳී සිටීමටයි ජගත් මුලින් තීරණය කර තිබුණේ.
රැුකියාවක නියලෙන ගමන් කලා ක්ෂේත්රය තුළ රැුඳී සිටීමටයි මම මුළින් උත්සාහ කළේ. ලංකාවේ වෘත්තීය මට්ටමින් රංගන ශිල්පියකු ලෙස රැුඳී සිටින්න අපහසුයි. අවුරුදු දහයක් විතර මම මේ තීරණය සමඟ දෝලනය වෙමින් හිටියා. එ් වෙද්දී මට තේරුණා එ්කට ඉඩකඩක් නැහැයි කියලා. එ් නිසා මගේ තීරණය අයින් කරගන්න සිද්ධ වුණා. අද වනවිට මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්.
ජගත්ට එයාගේ සහකාරියව හමුවෙලා තියෙන්නේ ගුරු ගෙදර චිත්‍රපටය රූගත කිරීම් කරද්දියි.
ඇය පියුමි උත්පලා. විජය ධර්ම ශ්‍රී ‘ගුරු ගෙදර’ චිත්‍රපටය රූගත කරන කාලයේදී අපි සහෝදරයන් ලෙස ඇසුරු කළා. කාලයකට පස්සේ අපි පෙම්වතුන් වුණා. දැන් අපි විවාහවෙලා සතුටින් ඉන්නවා. අපේ දුවගේ නම වෙනුරි තිහාරා. දුවට දැන් අවුරුදු 7 යි. ඇය දැන් පාසල් යනවා.
ඇයට කලා ක්ෂේත්රය අමුතු තැනක් නෙමේ නිසා මේ වෘත්තිය පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා. රංගනය වෙනුවෙන් කැපවෙන්න මට එය ලොකු පහසුවක් කියලා හිතෙනවා.
රංගනය සරල දෙයක් නොවන බවයි ජගත් පවසන්න
රඟපෑම කියන්නේ සරල දෙයක් නොවෙයි. ඉතා අමාරු කාරියක්. එහි සංකීර්ණ බව දැනෙද්දී තමන්ගේ දක්ෂතාවය පිළිබඳ වැටහෙනවා. රංගන ශිල්පියෙක් වීම තමන්ට ලැබුණු සිවිල් බලයක් කියලා හිතාගෙන එය පෙද්ගලික වාසි තකා යොදා ගන්නවා නම් එය වැරදියි. රංගනයේදී දෙබසක් කියවිය යුතු හැඩයක් තිබෙනවා. එය හඳුනාගෙන නිවැරදිව උච්චාරණය කළ යුතුයි. එ් හැඩය ඉවෙන් හඳුනා ගැනීමයි රංගන ශිල්පියෙකුගේ කාර්යය විය යුත්ත
උපමාලි විජේගුණවර්ධන